දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පරිසර ඒජන්සිය (EAD) එක්සත් අරාබි එමීර් රාජ්‍ය​ය පුරා කඩොලාන බීජ මිලියනයක් සිටුවීමට ඩ්‍රෝන යානා භාවිතා කොට තිබෙනවා.

අබුඩාබිහි කඩොලාන සිටුවීම​ට මුලපිරීමේ කොටසක් වන අල්-දෆ්රා කලාපය පුරා විවිධ ස්ථානවල කඩොලාන සිටුවනු ඇත.

එය කඩොලාන සංරක්ෂණයට සහය වන පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස එමිරේට් පත්කිරීමේ සමස්ත සැලැස්මේ කොටසක් වෙනවා. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා කාබන් වෙන් කිරීම සඳහා කඩොලාන වල වැදගත්කම කෙරෙහි අවධානය යොමු කරවයි.

2021 දී COP26 තුළ ප්‍රකාශයට පත් කළ පරිදි, දශකය අවසන් වන විට කඩොලාන ශාක මිලියන 100 ක් සිටුවීමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්කය කරා යන ගමනේ තවත් පියවරකි.

ලෝකයේ කඩොලාන ඔවුන් මුහුණ දෙන ස්වභාවික හා මානව අභියෝග හේතුවෙන් අඩුවෙමින් පවතින නමුත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඩොලාන වගාව අඛණ්ඩව සිදුවෙමින් පවතින බැවින් අබුඩාබියට කියන්නට ඇත්තේ වෙනස් කතාවකි. ඒ විශාල වශයෙන් සහ විශේෂයෙන් අබුඩාබිහි, මන්දගාමී නමුත් ස්ථාවර ආකාරයකින් ක්‍රියාවලිය සිදුවන බවයි.

Share.

Comments are closed.