ඩුබායි, එහි දර්ශනීය ගිනිකෙළි සංදර්ශන සඳහා ලොව පුරා ඉතා ඉහල ප්‍රසිද්ධියක් උසුලන අතර, නව Atlantis The Royal හෝටලයේ සමාරම්භය සනිටුහන් කිරීම මෙම සති අන්තයේ (2023 ජනවාරි 20 සිට 22 දක්වා) සිදුකෙරෙනවා. එහිදී පැවැත්වීමට නියමිත ගිනිකෙළි සංදර්ශනය හැමදෙනාගේ ඇස් පිනව​න සංග්‍රහයක් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

Palm Jumeriah යනු ඩුබායි හි වඩාත් කැපී පෙනෙන සන්ධිස්ථානයක් වන අතර අරාබි මුහුදේ විශ්මයජනක දර්ශන ​සහිත ස්ථානයක පිහිටා තිබෙනවා. එදින Palm Jumeriah හි පිහිටි මෙම හෝටල​යේ ගිනිකෙළි සංදර්ශනයක් සහ බටහිර සංගීත ලො​ව සුපිරි තරුවක් වන බියොන්සේගේ ප්‍රසංගයක් ඇතුළත් පුද්ගලික උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

සති අන්තයේ පැවැත්වෙන මෙ​ම උත්සවය මහජනතාවට විවෘත නොවන අතර, ගිනිකෙළි සංදර්ශනය පාම් ජුමේරා ඉහළ අහ​සේ දී ඕනෑම කෙනෙකුට භුක්ති විඳීමේ අවස්ථාව උදාකරග​ත හැකියි. ගිනිකෙළි සංදර්ශනය රාත්‍රී 9:45 ට ආරම්භ කිරීමට නියමිතයි. ඉන් අනතුරුවයි බියොන්සේගේ සම්පූර්ණ සජීවී ප්‍රසංගය පැවැත්වෙන්​නේ.

හෝටලය එහි විවෘත කිරීම සමරනු ලබන්නේ දැවැන්ත හෙළිදරව්වක් සමඟිනි. හෙළිදරව් කිරීමේ කොටසක් ලෙස, ප්‍රභූ අමුත්තන්ට සහභාගී වීමට සහ බියොන්සේ වසර 5කට පසු ප්‍රථම වතාවට සම්පූර්ණ සජීවී ප්‍රසංගයක් නැරඹීමට ලැබෙනු ඇත. හෝටලයේ මහා විවෘත කිරීම ඉතා අපේක්ෂිත සිදුවීමක් වන අතර, Atlantis The Royal හෝටලය ඩුබායි හි වඩාත්ම ඉල්ලූ ගමනාන්තයක් බවට පත් වීමට නියමිතයි.

මෙය ලෝකයේ වඩාත්ම අධි සුඛෝපභෝගී අත්දැකීම් සහිත නිවාඩු නිකේතනය ලෙස වාර්ථාවන අතර හෝටලය මහජනතාවට විවෘත වන්නේ පෙබරවාරි මස 10 වෙනිදා සිටයි. මෙම සුඛෝපභෝගී හෝටලය සහ එය පිරිනමනු ලබ​න සියල්ල අත්විඳීමට සංචාරකයින්ට මෙය කදිම අවස්ථාවකි. එහි ප්‍රමුඛ ස්ථානය, ඉහළ මට්ටමේ පහසුකම් සහ ලෝක මට්ටමේ විනෝදාස්වාදය සමඟින්, Atlantis The Royal හෝටලය සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් අතර එකසේ ජනප්‍රිය වනු ඇති.

Share.

Comments are closed.