ෆුජයිරා පොලිසිය විසින් “මට ආරක්ෂිතව පාර මාරු වීම​ට අයිතියක් ඇත” යන තේමා​ව යටතේ රථවාහන ආරක්ෂණ ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, අනතුරු වැළැක්වීම සඳහා වීදිවල මුර සංචාර දැඩි කොට තිබෙනවා.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උපායමාර් ගික ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා සංවිධානය කරන ලද මාසික මුලපිරීම යට​තේ පදිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂි​ත කිරීමත් මරණ හා තුවාල ප්‍රතිශතය අවම කිරී​මත් ප්‍රජාවේ සියලුම කොටස් අතර රථවාහන දැනුවත්භාවය වැඩි කිරීමට දායක වීම අරමුණු කොට ගෙන මෙම ආරක්ෂණ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා.

මෙම ප්‍රචාරණ ව්‍යාපාරය මගින් පදිකයින් සහ මෝටර් රථ රියදුරන් සඳහා ආරක්ෂිත හරස් මාර්ගයන්හි හැසිරීම ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. පදිකයන්ට ආරක්ෂිතව මාර්ග තරණය කිරීමට ඇති අයිතිය පිළිබඳව දැනුවත් කිරීම සහ වැඩිහිටි පදිංචිකරුවන්, කාන්තාවන්, ළමයින් සහ මාර්ග නීති පිළිපදි​න පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ලබා දීම කෙරෙහි එය අවධානය යොමු කරනවා.

පදික නීති උල්ලංඝනය කරන්නන් දැනුවත් කිරීම සහ පාලනය කිරීම සඳහා රථවාහන මුර සංචාර තීව්ර කිරීම සහ ප්‍රජාව අතර පදික අයිතිවාසිකම්වලට ගරු කිරීමේ සංස්කෘතියක් පැතිරවීමට කටයුතු කිරීමත් අරමු​ණ වෙනවා. කෙටි පණිවුඩ සහ සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීම සහ අධ්‍යාපනික දේශන පැවැත්වීම ද ඊට ඇතුළත් ය.

රථවාහන හා මුර සංචාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කර්නල් Saleh Muhammad Abdullah Al-Dhanhani, පැවසු​වේ, අධික වේගයෙන් රිය පැදවීම, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ මාර්ගය හැර වෙනත් දේ කෙරෙහි අවධානය යොමු කිරීම හේතුවෙන් සිදුවන රිය අනතුරු අවම කිරීමට දායක වන රියදුරන් සහ පදිකයින් අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

විශේෂයෙන්ම වෙලඳපොලවල්, නේවාසික ප්‍රදේශ සහ පාසල් ආසන්නයේ මාර්ග වැනි ජනාකීර්ණ ප්‍රදේශවල ප්‍රවේශම් වන ලෙසත් වේග සීමා පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.

මාර්ග සංඥා පිළිනොපදින හෝ නම් නොකළ ප්‍රදේශ හරහා පාර පැණී​ම කරන පදිකයන්ට ඩිරාම් 400 දඩයක් ද, නියමිත හරස් මාර්ගවල පදිකයන්ට ප්‍රමුඛත්වය නොදෙන රියදුරන්ට ඩිරාම් 500 දඩයක් සහ කළු ලකුණු 6ක් ද හිමි වෙනවා.

රථවාහන දැනුවත් කිරීමේ සහ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ, පළමු ලුතිනන් Moza Abdulsalam Al Darmaki, ජීවිත හා දේපළ හානිවලට හේතු විය හැකි මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රථවාහන රියදුරන් මාර්ග නීති සහ රෙගුලාසිවලට අනුකූල වීමේ අවශ්‍යතාව අවධාරණය කලා.

Share.

Comments are closed.