Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment Bureau»ශ්‍රී ලංකා රැකියා ඒජන්සිකරුවන්ගෙන් ලක්ෂ 380ක් වන්දි ගනියි.
Foreign Employment Bureau

ශ්‍රී ලංකා රැකියා ඒජන්සිකරුවන්ගෙන් ලක්ෂ 380ක් වන්දි ගනියි.

Stanly KularathnaBy Stanly KularathnaJanuary 21, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශ රැකියා ඒජන්සි ආයතන වලට එරෙහිව 2022 වසරේ ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්සි පාර්ශ්ව වෙතින් රු.38,087,000.00 (තුන්කෝටි අසුලක්ෂ අසුහත්දහසක) මුදලක් පැමිණිලි පාර්ශ්ව වෙත අයකර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කර තිබෙනවා.

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම ආදී කරුණු පදනම් කරගෙන ලැබුණු පැමිණිලි විභාගකිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝග මත මෙම මුදල් පැමිණිලි කරුවන් වෙත ගෙවා ඇත.

මෙම මුදල 2022 වසරේ ජනවාරි 01 දිනසිට දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුල පමණක් විභාග කල පැමිණිලිවලට අදාලව වන අතර, මෙය පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහල අගයකි. 2021 වසරේ මෙලෙස අයකර දෙන ලද මුදල රු. 8,945,900 කි.

කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව කටයුතු කිරීමට චක්‍රලේඛ මගින් දැනුවත් කළද එයට පටහැනිව කටයුතු කළ විදේශ රැකියා නියෝජිතායතන 17ක කම්කරු බලපත්‍ර මේවන විට අවලංගු කිරීමටද කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. තවදුරටත් පවතින පැමිණිලි පරික්ෂණවලට අදාල නිර්දේශමත තවත් ඒජන්සි ආයතන 27ක කාර් යාංශ බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

2022 වර්ෂය තුළදී විමර්ශන ඒකකයට පැමිණිලි 1334ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 744ක් ලැබී ඇත්තේ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිව වේ. එම සංඛ්‍යාලේඛන අනුව මෙම කාලසීමාව තුළදී පැමිණිලි 922ක ප්‍රමාණයක් විසඳා අවසන්කර වන්දි මුදල් ලබාදීමටත්, පැමිණිලි 24ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර දඩුවම් ලබාදීමටත් පියවර ගෙන ඇත. එහිදී නඩු 16ක ප්‍රමාණයක් ගොනුකර ඇත්තේ ඒජන්සි ආයතන වලට එරෙහිවය.

විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ පවතින නීතිවිරෝධි එනම්, කාර් යාංශ බලපත්‍ර නොමැති ආයතන වැටලීම කාර් යාංශ විමර් ශන අංශය විසින් දිගින් දිගටම සිදුකරන අතර, ඒ අනුව 2022 වර් ෂය තුළදී වැටලීම් 27ක් සිදුකර, පුද්ගලයින් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින මෙවන් අවධියක විදේශ රැකියා සිහිනය සැබෑකර ගැනීම සඳහා නිවැරදි මාර්ගය තෝරාගැනීම සෑම ශ්‍රි ලාංකිකයෙකුගේම වගකීම වන අතර, තමා විදේශ ගතවීමට අපේක්ෂිත රටෙහි නියමිත රැකියා සඳහා පවතින අවස්ථා පිළිබඳව පූර්ව තොරතුරු කාර්යාංශය වෙතින් ලබාගැනීමත්, ඒ සඳහා කාර්යාංශ වෙබ් අඩවිය www.slbfe.lk හා 24 පැය ඇමතුම් මධ්‍යස්ථානය 1989 අංකය ඇමතීම මගින් ලබාගැනීම සිදුකළ යුතුවෙනවා.

කාර්යාංශ නීතිරීති හා අණපනත් වලට අනුකූලව කටයුතු කරන ලියාපදිංචි ආයතන​ද මේ වන විට පවතින බැවින් සෑම විදේශ රැකියා අපේක්ෂකයෙකු සඳහා​ම නිවැරදිව විදේශ රැකියා ලබාදී​ම ඔවුන්ගේ වගකීම් වන බැවින් ඒ සඳහා එම ආයතන කටයුතු කරන ආකාරය ගැන කාර්යාංශය විසින් විශේෂ අවධානය යොමුකරනු ලබයි.

එහි ප්‍රතිපලයක් ලෙස බලපත්‍ර පැවතියද යම් යම් නීතිවිරෝධි හෝ වැරදි කටයුත්තක් යම් නියෝජිතායතනයක් සිදුකරයි නම් එම ආයතන නීතිය ඉදිරියට රැගෙන ගොස් ඒ සඳහා පවතින ප්‍රතිපාදනවලට අනුව අධිකරණ ක්‍රියාමාර් ග ගැනීමත් කාර්යාංශය නිරතුරුවම නොපැකිලව සිදුකරනු ලබයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මැරතන් 2023 සඳහා Al Ameen සේව​ය
Next Article “නීති විරෝධී ලෙස පුද්ගලයන් රැගෙන එන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා” UAE වෙතින් සහතිකයක්
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.