Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»“නීති විරෝධී ලෙස පුද්ගලයන් රැගෙන එන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා” UAE වෙතින් සහතිකයක්
Foreign Employment

“නීති විරෝධී ලෙස පුද්ගලයන් රැගෙන එන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා” UAE වෙතින් සහතිකයක්

Stanly KularathnaBy Stanly KularathnaJanuary 22, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට පොරොන්දු වී තිබෙනවා.

රැකියා සඳහා සංචාරක වීසා මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කරුණු පැහැදිළි කර ඇති අතර සංචාරක වීසා හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බවත්, සංචාරක වීසා මගින් එලෙස රැකියා සඳහා පැමිණීම වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීම පිණිස ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳවත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා එහි දී කරුණු ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක කරතිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වර්ධනය වන රැකියා වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් දෙන ලෙසටත්, පුහුණු සහ වෘත්තීය ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා ලබාදීම සඳහා ලංකාවේ පුහුණු සුදුසුකම්වලට පිළිගැනීමක් ලබාදෙන ලෙසටත් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කළ ඉල්ලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

පුහුණු හා වෘත්තීමය සුදුසුකම් ඇති ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට ලංකාවේ පුහුණු සුදුසුකම්වලට අවශ්‍ය පිළිගැනීමක් සුදුසුකම් සමාන කිරීමේ වැඩපිළිවෙලක් (Qualification Equalization) හරහා ලබාදීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට තාක්ෂණික කමිටු මට්ටමින් සාකච්ඡා පවත්වා, අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට දෙපාර්ශවයේ එකගතාවය හිමිව තිබෙනවා.

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වර් ධනයක් ඇතිවී තිබෙන බවත්, 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පැමිණීම 27% කින් ඉහළ ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයන්ගේ රැකියාවක් අහිමි වුවහොත් ඔවුන්ගේ වැටුපෙන් 60% මුදලක් මාස තුනක කාලයකට ලබාදීම පිණිස හදුන්වාදී ඇති රක්ෂණය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර් ය Abdulrahman Abdulmannan Al Awar මහතා එහි දී පැහැදිළි කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියාවක් අහිමි වුවහොත් ඔවුන්ට එයින් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව හිමි වන බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා රැකියා ඒජන්සිකරුවන්ගෙන් ලක්ෂ 380ක් වන්දි ගනියි.
Next Article විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා ශ්‍රී ලංකාව වැඩි අවස්ථා සොයනවා : ඇමති මනූෂ නානායක්කාර UAE මාධ්‍ය වෙත අදහස් දක්වයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.