ඩුබායි මහ නගර සභාව විසින් යටිතල පහසුකම් සහ සේවා සඳහා ත්‍රිමාණ රේඛා සිතියම් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කොට තිබෙනවා. සියලු අංශ හරහා විවිධ ජාත්‍යන්තර සහ නව්‍ය ප්‍රමිතීන්ට අනුකූලව නවීනතම සේවාවන් සැපයීමේ අරමුණින් ඩුබායි රජය ස්මාර්ට් ආකෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලබනවා.

ඩුබායි මහ නගර සභාවේ අධ්‍යක්ෂ ජනරාල් Dawoud Al Hajri මෙසේ පැවසුවා. “මෙම ව්‍යාපෘතිය මඟින් ත්‍රිමාණ ආකෘතියක් තැනීම සඳහා උසස් තාක්ෂණයන් තෝරා ගැනීමත් පුළුල් අධ්‍යයනයක් තුලින් පොළවට යටින් ඇති යටිතල පහසුකම් සහ සේවා මාර්ග පිළිබඳ භූගෝලීය දත්ත ඇතුළත් සියලු නිවැරදි තොරතුරු සහිත සිතියමක් නිර්මාණය කරනු ඇත. මෙමගින් Ground Penetrating Radar (GPR) තාක්‍ෂණය ඇතුළුව භූගත යටිතල පහසුකම් සිතියම් සැකසීමේ මෑතකාලීන තාක්ෂණික නවෝත්පාදනයන් තවදුරටත් ගවේෂණය කරන අතර නවතම තොරතුරු සමඟින් ඩුබායි පුරා දත්ත රැස් කිරීම සිදුකෙරෙනු ඇත”

ඉංජිනේරු ගොඩනැගිලි නියාමන සහ බලපත්‍ර නියෝජිතායතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී මාරියම් අල් මුහයිරි මෙසේ පැවසීය. “මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් සිදු කෙරෙන අතර, පළමු අදියරේදී ලොව පුරා පවතින තාක්‍ෂණය විශ්ලේෂණය කිරීම, එහි ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ ලබා ගත හැකි බව සහතික කිරීම සහ එය විශේෂිත කණ්ඩායමට ලබා දීම සහ ඒවා භාවිතා කිරීම පිළිබඳව ඔවුන් පුහුණු කිරීම ඇතුළත් වෙනවා. දෙවන අදියර ලෙස සියලු දත්ත යාවත්කාලීන කිරීම සඳහා තාක්ෂණය හරහා සියලු යටිතල පහසුකම් සේවා මාර්ග පරීක්ෂා කිරීම ඇතුළත් වෙනවා. භූගත සේවා මාර්ග 3D ස්කෑන් කිරීමට සමකාලීන තාක්ෂණයන් කිහිපයක් භාවිතා කරනු ලබනවා.”

ඩුබායි මහ නගර සභාව විසින් නඩත්තු කරනු ලබන වාරිමාර්ග, අපද්‍රව්‍ය සහ වැසි ජල මාර්ග, මාර්ග ආලෝකකරණය මෙන්ම විදුලිබල හා ජල මාර්ග දත්ත, මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය විසින් සපයනු ලබන සියලුම සේවාවන් පිළිබඳ විස්තර දත්තවල ඇතුළත් වෙනවා.

මෙම භූගත සේවා මාර් ග තවදුරටත් ස්කෑන් කර, සකසනු ලැබේ, ඒවා යාවත්කාලීන කිරීම සඳහා දත්ත හිමි ආයතන වෙත ලබා දෙනු ඇත.

Share.

Comments are closed.