එමිරේට්ස් හතටම ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන්, වීදි  ජලයෙන් යටවීමත් සමග වාහන රියදුරන් ගමනාගමන කටයුතු වලදී දැඩි අපහසුතාවයකට මුහුණ දී තිබෙනවා.

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නිවේදනය කළේ ජලයෙන් යටවීම හේතුවෙන් ඇතැම් මාර ග මහජනතාවට වසා තබන බවයි.

අල් සබ්කා උමං මාර්ගය දෙපැත්තෙන්ම වසා ඇත. මෙම මාර්ගය උමඟට ඉහළින් ඇති මාර්ග සංඥා මංසන්ධිය වෙත හරවා යවා ඇත. මෝටර් රථ හිමියන්ට විකල්ප ලෙස Sheikh Zayed පාර, First Al Khail වීදිය හෝ Al Yalayis භාවිතා කළ හැකි බව RTA නිවේදනය කරනවා.

Latifa Bint Hamdan වීදිය සමඟ Al Asayel වීදියේ මංසන්ධිය ද දෙපැත්තෙන්ම වසා ඇත. පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් ලබා දී ඇත. පළමු Al Khail වීදිය, Latifa Bint Hamdan Street සහ Umm Suqeim Street.

ඩුබායි වැසියන්ට ඩුබායි පොලිසියේ ජංග​ම යෙදුම හරහා අනතුරු  ඇඟවීම් ද ලැබී ඇති අතර, අද උදෑසන මාර්ගයේ සිදු වූ විශාල අනතුරු කිහිපයක් පිළිබඳව අධිකාරිය අනතුරු අඟවා ඇත. ජලයෙන් යටවී ඇති මාර් ගවල රිය පැදවීමේදී ප්‍රවේශම් වන ලෙසත්, නීති රීති පිළිපදින ලෙසත් රියැදුරන්ගෙන් ඉල්ලා පණිවිඩ යවා තිබෙනවා.

Share.

Comments are closed.