ඩුබායි සාප්පු සැණකෙළියේ (DSF) 28 වන වතා​වේ සමාප්තිය සනිටුහන් කරන සිත් ඇදගන්නාසුළු ගිනිකෙළි සංදර්ශන හතරක් මෙම සති අන්තයේ The Pointe හිදී පැවැත්වෙනු ඇත.

ලො​වෙ හි සිත් ඇදගන්නාසුළු දසුන් ඇති Palm Jumeirah හි ද ජනවාරි 25 සිට 28 දක්වා සෑම දිනකම රාත්‍රී 9 ට විස්මිත ගිනිකෙළි සංදර්ශන පවත්වනු ලබනවා.

ලොව දීර්ඝතම සිල්ලර වෙළෙඳ සැණකෙළියක් වන DSF දෙසැම්බර් 15 වැනිදා ආරම්භ වූ අතර ජනවාරි 29 වැනිදා දක්වා දින 46ක් ක්‍රියාත්මක වෙනවා.

අලෙවිසැල් 3,500 ක් හරහා සහභාගී වන සන්නාම 800 කට අධික සංඛ්‍යාවක් මෙම කාල සීමාව පුරා දැවැන්ත අඩු කිරීම් ලබා දුන් අතර අවසාන අලෙවිය මෙම සති අන්තයේ සිදු කිරීමට නියමිතයි. එය සාප්පු සවාරි යන්නන්ට නවතම විලාසිතාමය අයිතමවල සිට හැඩකාර ජීවන රටා නිෂ්පාදන, ළමා ඇඳුම් සහ තවත් බොහෝ දේ සඳහා සියයට 25 සිට 90 දක්වා වට්ටම් භුක්ති විඳීමේ අවසාන අවස්ථාව වනු ඇත.

Share.

Comments are closed.