අබුඩාබි නයිට් රයිඩර් ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර ඊයේ අබුඩාබිහි සයිඩ් ක්‍රිකට් ස්ටේඩියම් හිදී පැවැති ක්‍රිකට් තරග​යෙන් ඩුබායි කැපිටල්ස් කන්ඩායම කඩුලු 7 ක විශිෂඨ ජයක් ලැබුවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඩුබායි කැපිටල්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු යැවීමට තෝරාගත්තා.

අබුඩාබි නයිට් රයිඩර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 9 කට ලකුණු 149 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ඩුබායි කැපිටල්ස් කන්ඩායම පන්ඳු ඕවර 17.4 තුල කඩුලු 3 කට ලකුණු 150  ලබාගනිමින් තරගයේ ජය වාර්ථා කලා.

ඩුබායි කැපිටල්ස් කන්ඩායම වෙනුවෙන් දසුන් ශානක ​ලකුණු 28 ක් රැස්කල අතර එයට 4 පහර 2 සහ එක් 6 පහරක් ඇතුලත් වුනා.


අද පැවැත්වෙන තර​ග​ය

සාජා වොරියර්ස්  කන්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම අතර අද පැවැත්වෙන ක්‍රිකට් තරග​ය සාජා ක්‍රිකට් ස්ටේඩියම් හිදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම නියෝජනය කරමින්

  • වනිඳු හසරංග
  • මතීෂ පතිරණ
  • දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට නියමිතයි

සාජා වොරියර්ස්  කන්ඩායම ​නියෝජනය කරමින් කිසිම ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ.

අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා  කරන අතර ක්‍රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.

Share.

Comments are closed.