Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Environment»එමිරේට්ස් 2030 වන විට එහි සැපයුමෙන් 50%ක් තිරසාර ගුවන් ඉන්ධන බවට පත් කිරීමට අපේක්ෂා කරයි.
Environment

එමිරේට්ස් 2030 වන විට එහි සැපයුමෙන් 50%ක් තිරසාර ගුවන් ඉන්ධන බවට පත් කිරීමට අපේක්ෂා කරයි.

Stanly KularathnaBy Stanly KularathnaJanuary 31, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය සඳුදා SAF (sustainable aviation fuel ) මගින් බලගන්වන ලද පළමු නිරූපණ ගුවන් ගමනේදී අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සේවයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Adel Ahmad Al Redha පැවසුවේ SAF ඉන්ධන “අද කර්මාන්තයක් ලෙස අප මුහුණ දෙන අභියෝගයක්” බවයි.

වැඩිදුරටත් ඔහු මෙසේ පැවසුවා “අපගේ අරමුණ 2030 වන විට අපගේ පරිභෝජනයෙන් 50% කට SAF ඉන්ධන ලබා ගත හැකි නම්, එය විශාල ජයග්‍රහණයක් වනු ඇත.” “SAF යනු ලෝක ව්‍යාප්ත කැපවීමක් වන අතර කිසිදු සමාගමකට එක් නිෂ්පාදකයෙකු මත යැපීමට නොහැක, මන්ද මුලදී පර් යේෂණ සහ සංවර් ධන පිරිවැය තරමක් ඉහළය.”

දිගු දුර යානා එහි කාබන් විමෝචන​ය අඩු කිරීම​ට කැපවීමේ කොටසක් ලෙස සම්පූර්ණයෙන්ම තිරසාර ගුවන් ඉන්ධන මගින් බල ගැන්වෙන GE Aviation එන්ජිමක් සහිත Boeing 777 සමඟින් සඳුදා පරීක්ෂණ ගුවන් ගමනක් සාර්ථකව අත්හදා බැලීනි.

එහිදී EK2646 දරන ගුවන් යානය ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වී නැවත ගොඩබෑම​ට පෙර වෙරළ තීරය හරහා පැයකට අඩු කාලයක් පියාසර කළේය.

මෙම නිදර්ශන ගුවන් යානය සඳහා පරිසර හිතකාමී ඉන්ධන එක්සත් ජනපදයෙන් සහ ෆින්ලන්තයෙන් ආනයනය කර ඇති බව Al Redha අනාවරණය කලා.

“මෙම EK2646 පියාසැරිය සාම්ප්‍රදායික ඉන්ධන සහ SAF ඉන්ධන භාවිතයෙන් එන්ජිමේ ක්‍රියාකාරිත්ව දෙකම සංසන්දනය කිරීමේ හැකියාව අපට ලබා දෙනු ඇත. ගුවන් ගමනේ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් වූ පසු, අපි වසරක් තුළ 100% SAF ගුවන් ගමනක් සිදු කරන්නෙමු. තිරසාර ඉන්ධන නිෂ්පාදනය කිරීමට අපි තවත් සමාගම් දිරිමත් කරන්නෙමු. මෙමගින් කර්මාන්තයට ප්‍රතිලාභ ලැබෙන බැවින් එමිරේට්ස් සමාගම මෙවැනි පියවරක් ඉදිරියට ගෙන යනු ඇත” ඔහු පැවසීය.

ගුවන් ගමන සාර් ථක ලෙස ප්‍රදර් ශනය කිරීමෙන් පසු එමිරේට්ස් ගුවන් සේවයේ මීළඟ පියවර වනුයේ සාමාන්‍ය ගුවන් යානයේ SAF ප්‍රතිඵල සහ භාවිතය පිළිබඳව නියාමන බලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීම බව Al Redha වැඩිදුරටත් පැවසීය.

“අපගේ අරමුණ වූයේ නිරූපණ ගුවන් ගමනේ තාක්ෂණික අංශය වන අතර ගුවන් ගමනේ පිරිවැය ගැන අපි සැලකිල්ලට නොගත්තෙමු. අපට අවශ්‍ය වූයේ SAF මගින් අප අපේක්ෂා කරන කාර්ය ය ඉටු කරන බවට සහතික කර ගැනීමටත්, ඩුබායි හි එවැනි ඉන්ධන වැඩි ප්‍රමාණයකට ලබා දෙන්නේ කෙසේද යන්නත් ය. ​ඊට අමතරව බෙදාහැරීමේ පිරිවැය කුමක්ද යන්න පිළිබඳව නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා කරන්නෙමු” ඔහු වැඩිදුරටත් පැවසීය.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වෙන ලේ දන්දීමේ කඳවුර
Next Article සාජා පොලිසිය ඇල්ලූ කෘතිම ගංජා
Stanly Kularathna

Related Posts

Self-driving මෝටර් රථ නිර්මාණය පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන් පුහුණු කිරීමට එමීර් රාජ්‍යයේ Smart Mobility Data Lab එක් වෙයි

May 8, 2025

2027 වසර වන විට සාජා පියාසර මෝටර් රථ එළි දැක්වීමට සැරසෙයි

April 18, 2025

ලොව ප්‍රථම වරට Midnight විදුලි එයාර් ටැක්සි සේවාව අබුඩාබිහි දී ඇරඹෙයි

March 27, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.