පසුගිය සඳුදා SAF (sustainable aviation fuel ) මගින් බලගන්වන ලද පළමු නිරූපණ ගුවන් ගමනේදී අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සේවයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Adel Ahmad Al Redha පැවසුවේ SAF ඉන්ධන “අද කර්මාන්තයක් ලෙස අප මුහුණ දෙන අභියෝගයක්” බවයි.

වැඩිදුරටත් ඔහු මෙසේ පැවසුවා “අපගේ අරමුණ 2030 වන විට අපගේ පරිභෝජනයෙන් 50% කට SAF ඉන්ධන ලබා ගත හැකි නම්, එය විශාල ජයග්‍රහණයක් වනු ඇත.” “SAF යනු ලෝක ව්‍යාප්ත කැපවීමක් වන අතර කිසිදු සමාගමකට එක් නිෂ්පාදකයෙකු මත යැපීමට නොහැක, මන්ද මුලදී පර් යේෂණ සහ සංවර් ධන පිරිවැය තරමක් ඉහළය.”

දිගු දුර යානා එහි කාබන් විමෝචන​ය අඩු කිරීම​ට කැපවීමේ කොටසක් ලෙස සම්පූර්ණයෙන්ම තිරසාර ගුවන් ඉන්ධන මගින් බල ගැන්වෙන GE Aviation එන්ජිමක් සහිත Boeing 777 සමඟින් සඳුදා පරීක්ෂණ ගුවන් ගමනක් සාර්ථකව අත්හදා බැලීනි.

එහිදී EK2646 දරන ගුවන් යානය ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වී නැවත ගොඩබෑම​ට පෙර වෙරළ තීරය හරහා පැයකට අඩු කාලයක් පියාසර කළේය.

මෙම නිදර්ශන ගුවන් යානය සඳහා පරිසර හිතකාමී ඉන්ධන එක්සත් ජනපදයෙන් සහ ෆින්ලන්තයෙන් ආනයනය කර ඇති බව Al Redha අනාවරණය කලා.

“මෙම EK2646 පියාසැරිය සාම්ප්‍රදායික ඉන්ධන සහ SAF ඉන්ධන භාවිතයෙන් එන්ජිමේ ක්‍රියාකාරිත්ව දෙකම සංසන්දනය කිරීමේ හැකියාව අපට ලබා දෙනු ඇත. ගුවන් ගමනේ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් වූ පසු, අපි වසරක් තුළ 100% SAF ගුවන් ගමනක් සිදු කරන්නෙමු. තිරසාර ඉන්ධන නිෂ්පාදනය කිරීමට අපි තවත් සමාගම් දිරිමත් කරන්නෙමු. මෙමගින් කර්මාන්තයට ප්‍රතිලාභ ලැබෙන බැවින් එමිරේට්ස් සමාගම මෙවැනි පියවරක් ඉදිරියට ගෙන යනු ඇත” ඔහු පැවසීය.

ගුවන් ගමන සාර් ථක ලෙස ප්‍රදර් ශනය කිරීමෙන් පසු එමිරේට්ස් ගුවන් සේවයේ මීළඟ පියවර වනුයේ සාමාන්‍ය ගුවන් යානයේ SAF ප්‍රතිඵල සහ භාවිතය පිළිබඳව නියාමන බලධාරීන්ගෙන් අනුමැතිය ලබා ගැනීම බව Al Redha වැඩිදුරටත් පැවසීය.

“අපගේ අරමුණ වූයේ නිරූපණ ගුවන් ගමනේ තාක්ෂණික අංශය වන අතර ගුවන් ගමනේ පිරිවැය ගැන අපි සැලකිල්ලට නොගත්තෙමු. අපට අවශ්‍ය වූයේ SAF මගින් අප අපේක්ෂා කරන කාර්ය ය ඉටු කරන බවට සහතික කර ගැනීමටත්, ඩුබායි හි එවැනි ඉන්ධන වැඩි ප්‍රමාණයකට ලබා දෙන්නේ කෙසේද යන්නත් ය. ​ඊට අමතරව බෙදාහැරීමේ පිරිවැය කුමක්ද යන්න පිළිබඳව නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා කරන්නෙමු” ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.