සාජා වොරියර්ස්  කන්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම අතර ඊයේ සාජා ක්‍රිකට් ස්ටේඩියම් හිදී පැවැති ක්‍රිකට් තරග​යෙන්

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම​ට ලකුණු 22 ක තියුණු ජයක් ලැබුවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම මුලින්​ම පන්ඳුව​ට පහරදීම තෝරාගත්තා.

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 6 කට ලකුණු 148 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල සාජා වොරියර් ස්  කන්ඩායම​ට සිය පන්ඳු ඕවර 20 තුල රැස්කිරීමට හැකිවූ​යේ කඩුලු 8 කට ලකුණු 126  පමණි.

ඩෙසර් ට් වයිපර් ස් කන්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා ක​ල වනිඳු හසරංග

සිය පන්ඳු යැවීමේ දක්ෂතාව නැවතත් ඔප්පු කරමින් පන්ඳු ඕවර 4 කට ලකුණු 13 ලබාදී කඩුලු 3 ලබාගත්තා.

අද පැවැත්වෙන තරග​ය

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අතර අද පැවැත්වෙන ක්‍රිකට් තරග​ය අබුඩාබි සයිඩ් ක්‍රිකට් ස්ටේඩියම් හිදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙ​ම කන්ඩායම් දෙක​ම ​නියෝජනය කරමින් කිසිම ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ

ILT-20 තරගාවලිය පුරාව​ට සෑම ක්‍රිකට් තරග අතරවාරයේදී​ම ක්‍රීඩාලෝලීන් පපරේ සංගීත රිද්මයෙන් පිනවන්න​ට පිටියට නව ජීවයක් එක් කරන්නට වි​ශේෂයෙන් ආරාධිත Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායම මෙහිදී ඔබ සමග එක්වනු ඇති.​

Share.

Comments are closed.