රථවාහන දඩ ගෙවීමේ සිට රියදුරු බලපත්‍රය අලුත් කිරීම දක්වා, සාජා රියදුරන් සහ පදිංචිකරුවන් සඳහා වාහ​න සම්භන්ධ සේවා 30 කට වැඩි ප්‍රමාණයක් , පෙබරවාරි 4 අද දින ජංගම මධ්‍යස්ථානයකින් ලබා ගත හැකි බව නිවේදනය කොට තිබෙනවා.

සාජා පොලිසිය පැවසුවේ ජංගම සේවා මධ්‍යස්ථානය සවස 4 සිට රාත්‍රී 9 දක්වා Al Sayyouh උප නාගරික කවුන්සිලයේ දී පවත්වන බවයි.

එමිරේට්ස් හි දැනටමත් මාර්ග ගත රථවාහන ගනුදෙනු දහස් ගණනක් සිදු වුවද, නිවැසියන්ට තවමත් මෙම hub on wheels වැනි ස්මාර්ට් මධ්‍යස්ථාන හරහා සේවා ලබා ගැනීමේ විකල්පය ඇත.

පිරිනැමෙන සේවා වන්​නේ:

වාහන සඳහා

  • වාහන පරීක්ෂාව
  • වාහන බලපත්‍ර නිකුත් කිරීම
  • වාහන නැවත ලියාපදිංචි කිරීම
  • වාහන බලපත්‍රය අලුත් කිරීම
  • වාහන බලපත්‍ර මාරු කිරීම
  • වාහන බලපත්‍රය ආදේශ කිරීම
  • හානි වූ වාහන බලපත්‍රය
  • වාහන බලපත්‍ර දත්ත වෙනස් කිරීම
  • වාහන මාරු කිරීම (එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ)
  • වාහන හුවමාරුව (එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත)
  • ලියාපදිංචියකින් තොරව බලපත්‍ර සහතික
  • නිෂ්කාශන සහතිකය
  • අංකයක් වෙන් කිරීම සහ අලුත් කිරීම

රියදුරන් සඳහා

  • අක්ෂි පරීක්ෂණය
  • වාහන රියදුරු බලපත්‍රය අවලංගු කිරීම
  • වාහන රියදුරු බලපත්‍ර කාණ්ඩය අවලංගු කිරීම
  • බලපත්‍ර දත්ත වෙනස් කිරීම
  • බලපත්‍ර ප්‍රතිස්ථාපනය (වෙනත් රටක් විසින් නිකුත් කරනු ලැබේ).
  • රථවාහන ගොනු විවෘත කිරීම
  • වර්ග එකතු කිරීම
  • රියදුරු බලපත්‍ර මාරු කිරීම
  • රියදුරු බලපත්‍ර නිකුත් කිරීම.
  • රියදුරු බලපත්‍රය අලුත් කිරීම.
  • රියදුරු බලපත්‍රය ආදේශ කිරීම
  • හානි වූ රියදුරු බලපත්‍රය
  • රථවාහන ගොනු දත්ත යාවත්කාලීන කිරීම

රථවාහන දඩ සඳහා

  • රථවාහන දඩ ගෙවීම
  • රථවාහන ස්ථාන මාරු කිරීම
  • අත්අඩංගුවට ගත් වාහනය නිදහස් කිරීම
Share.

Comments are closed.