ඊයේ දිනයේදී ඩුබායි කැපිටල්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් ​කන්ඩායම අතර ඩුබායි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම්හිදී පැවති තරග​යෙන් ඩුබායි කැපිටල්ස් කන්ඩායම​ට කඩුලු 7 ​ක ජයක් හිමිවූවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඩුබායි කැපිටල්ස් කන්ඩායම මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 7 සඳහා ලකුණු 164 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ඩුබායි කැපිටල්ස් කන්ඩායම​ පන්ඳු ඕවර 18.1 තුල කඩුලු 3කට ලකුණු 166 රැස්කරමින් ජයග්‍රහණය වාර්ථා කලා.

මෙහිදී ඩුබායි කැපිටල්ස් කන්ඩායම වෙනුවෙන් දසුන් ශානක නොදැවී පන්ඳු 36කට ලකුණු 58 ක් රැස්කල අතර එයට හත​රේ පහර 5 සහ හ​යේ පහර 3ක් අයත් වුණා. මෙම තරගයෙහි දසුන් ශානක Player of the Match ලෙස තෝරා ගැනුණා.


අද පැවැත්වෙන තරග​ය​

අද දින සාජා වොරියර්ස් කන්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අතර පැවැත්වෙන තරග​ය සාජා ක්‍රිකට් ස්ටේඩියම්හිදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම කණ්ඩායම් දෙකටම කිසිම ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ

අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා  කරන අතර ක්‍රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.

Share.

Comments are closed.