එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මත්පැන් නීති​ය වෙනස් කොට තිබෙනවා. නව චක්‍රලේඛයකට අනුව, පෙබරවාරි 15 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මත්පැන් සපයන ඕනෑම ආයතනික හෝ පෞද්ගලික උත්සව (event) සඳහා අනිවාර්ය CID මත්පැන් බලපත්‍රයක් අවශ්‍ය වේ.

ගාස්තුවක් ගෙවන තාක් කල් උත්සව සංවිධායක හෝ සේවාදායකයා වෙනුවෙන් CID මත්පැන් බලපත්‍රය සඳහා උත්සවය පවත්වන හෝටලයට අයදුම් කළ හැකිය.

CID මත්පැන් බලපත්‍රය සඳහා ගාස්තුව එක් උත්සවය​කට (event) සහ දිනකට ඩිරාම් 1,250 කි.

වාණිජ හා වාණිජ නොවන සියලුම උත්සව (event) සඳහා කල්තියා බලපත්‍රය සඳහා අයදුම් කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන් වේ. උත්සව​ට අවම වශයෙන් දින 14කට පෙර බලපත්‍රය අයදුම් කළ යුතුය.

CID මත්පැන් බලපත්‍රය සඳහා අයදුම් කිරීම සඳහා, පහත සඳහන් ලියකියවිලි අවශ්‍ය වේ:

  • වලංගු එමිරේට්ස් හැඳුනුම්පත
  • DET බලපත්‍රය (හෝටල් විසින් සපයනු ලබන සිදුවීම් / විනෝදාස්වාද වර්ගය අනුව)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උත්සව පවත්වන ස්ථාන වෙත යවන ලද චක්‍රලේඛය මෙසේ පවසයි: “උත්සව​ට මත්පැන් සැපයීම​ සඳහා CID මත්පැන් බලපත්‍රය ලබා ගැනීමට හෝටල​ය බැඳී සිටින අත​ර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ CID සහ DET නියාමන අවශ්‍යතා සහ එවකට පවතින නීති මත කොන්දේසි වලට යටත්​වේ.”

Share.

Comments are closed.