එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය දින අටක සිට සිරියාවේ සහ තුර්කියේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට අඛණ්ඩ ආධාර ලබා දී තිබෙනවා. මේ වන විට ආහාර, වෛද්‍ය සැපයුම් සහ කූඩාරම් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මෙට්‍රික් ටොන් 904ක් රැගත් ගුවන් වා​ර 47ක් ආපදාවට ලක් වූ ප්‍රදේශ වෙත යවා තිබෙනවා.

තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් සොයා ජීවිත බේරා ගැනීමට වෙහෙස නොබලා කටයුතු කරනවා.

ආධාර බෙදා හැරීම් වලට අමතරව, තුර්කියේ හි Gaziantep හි ISlahiye දිස්ත්‍රික්කයේ ජංගම ක්ෂේත්‍ර රෝහලක් පිහිටුවා ඇත. අවශ්‍යතා ඇති අයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට රෝහල අංගසම්පූර්ණව ඇති අතර මේ වන විට රෝගීන්​ට ප්‍රතිකාර කිරීම ආරම්භ කො​ට තිබෙනවා.

Share.

Comments are closed.