Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට අරමුදල් රැස්කිරීම සඳහා පැවති ප්‍රවර්ධන වැඩසටහනෙන් ඩිරාම් මිලියන 15.6 ඉක්මවූ මුදලක්
Uncategorized

භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට අරමුදල් රැස්කිරීම සඳහා පැවති ප්‍රවර්ධන වැඩසටහනෙන් ඩිරාම් මිලියන 15.6 ඉක්මවූ මුදලක්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 18, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට අධාර කිරීම සඳහා ඩිරාම් 15,649,140 ක විශාල මුදලක් පරිත්‍යාග කර ඇති බව පැය තුනක ටෙලිතොන් ප්‍රවර්ධන වැඩසටහනකින් හෙලි වී තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘Bridges of Goodness’ වැඩසටහනේ කොටසක් ලෙස, සාජා විකාශන අධිකාරිය (SBA) සමඟ සහයෝගීව The Big Heart Foundation (TBHF) සහ Sharjah Charity International (SCI) විසින් මෙම අරමුදල් රැස්කිරීම සංවිධානය කරන ලදී. කඩිනම් සහනාධාර සැපයීමට මෙන්ම තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට මෙම අරමුදල් යොදා ගැනෙනවා.

මෙම උත්සවය සාජා හි අධිපතිවරයාගේ භාර්යාව සහ TBHF හි සභාපති Sheikha Jawaher bint Mohammed Al Qasimi ගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලදී. මෙම අරමුදල් ක්ෂණික සහන ආධාර සැපයීමට මෙන්ම නිවාස, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ඇතුළු තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා සහය වීමට යොදා ගැනෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශය සහ තුර්කියේ සහ සිරියාවේ දේශීයව ක්‍රියාත්මක වන විශ්වාසනීය මානුෂීය සංවිධාන සමඟ සහයෝගයෙන් ප්‍රකෘතිමත් වීම වේගවත් කිරීම සඳහා ද මුදල් යොදවනු ඇත.

TBHF ප්‍රකාශ කළේ අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරය ඉදිරි දිනවලදී දිගටම ක්‍රියාත්මක​ව පවති​න බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ලොව පුරා සිටින පරිත්‍යාගශීලීන්ට, දුරකථන අංක +971505350152 හෝ 80014 ඇමතීමෙන් ද, TBHF හි නිල වෙබ් අඩවිය වන www.tbhf.ae , Sharjah Charity International හි වෙබ් අඩවිය වන https://shjc.sharjah.ae නැතහොත් විකල්ප වශයෙන් TBHF හෝ SCI හි ප්‍රධාන කාර් යාල වෙත පැමිණීමෙන් ඔවුන්ගේ පරිත්‍යාග කිරීමට හැකියාව තිබෙනවා.

ප්‍රවර්ධන වැඩසටහන අතරතුර, සාජා පුණ්‍යායතනයේ සභාපති Sheikh Saqr bin Mohammed bin Khalid Al Qasimi පැවසුවේ සිරියාව සහ තුර් කිය සඳහා දැනට ක්‍රියාත්මක සහන ව්‍යාපාරය සාජා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත මානුෂීය ප්‍රයත්නයන්ට අනුකූල වන බවයි.

මෑත කාලීන භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට අත්‍යවශ්‍ය ආධාර සැපයීම සඳහා මෙම ව්‍යාපාරය කැපවී සිටින බව ඔහු අවධාරණය කළ අතර, ස්වේච්ඡා සේවකයන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ උද්යෝගිමත් ප්‍රතිචාරය සඳහා අවංක ප්‍රසාදය පළ කළ අතර, මෙම අරමුදල් රැස් වී​ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාජ​ය තුළ ගැඹුරින් මුල් බැස ඇති කරුණාව මුල් කරගත් මානව හිතවාදී සංස්කෘතියට සාක්ෂියක් ලෙස තමා දකින බව එතුමා ප්‍රකාශ කළේය.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනව ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාරදෙයි
Next Article ජපානයේ රැකියාවලට නොමිලේ ලාංකිකයන් බඳවා ගන්නැයි ඉල්ලයි
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.