Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ජපානයේ රැකියාවලට නොමිලේ ලාංකිකයන් බඳවා ගන්නැයි ඉල්ලයි
Foreign Employment

ජපානයේ රැකියාවලට නොමිලේ ලාංකිකයන් බඳවා ගන්නැයි ඉල්ලයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 18, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

SSW වැඩසටහන හරහා ජපානයට පුහුණු ශ්‍රමිකයන් පිටත් කර යැවීම සඳහා වන ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ General lncorporated Foundation IM Japan ආයතනය විසින් අද දින (2023.02.17) අත්සන් කරන ලදී.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි වැඩ බලන සභාපති සමින්ද ජයසේකර මහතා සහ General Incorporated Foundation IM Japan ආයතනයේ අධ්‍යක්ෂ Toluca Kiyoshi මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර මෙම ගිවිසුම හරහා පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් ජපානයට යැවීම සදහා කටයුතු කරන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපන් නියෝජිතයන්ගෙන් ඉල්ලීම් කළේය.

ජපන් රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනීමේදී හැකිතාක් නොමිලේ බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ඉල්ලීම් කළ අතර ඔවුන්ගේ සුරක්ෂිතාවය තහවුරු කිරීම සඳහා ජපන් රජය සමග සමීපව කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

ජපානයට ශ්‍රමිකයන් බඳවා ගනු ලබන IM Japan ආයනය විසින්, එම ආයතනය හරහා ජපානයට යවන ශ්‍රමිකයන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් ජපන් නියෝජිතයන් පෙන්වා දුනි.

ස්ථාවර ක්‍රමවේදයක් යටතේ පුහුණු ශ්‍රමිකයන් ජපානයට යැවීම මගින්, වැඩි ජපන් රැකියා අවස්ථා ප්‍රමාණයක් ලංකාවට ලබාගත හැකි බව ජපන් නියෝජිතයන් පෙන්වා දුන් අතර, එසේ පුහුණු ශ්‍රමිකයන් පමණක් ජපානයට යැවීම සඳහා අවශ්‍ය පූර්ණ දායකත්වය ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරියේදී විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් පමණක් පිටත් කර යැවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

General Incorporated Foundation IM Japan ආයතනය සමග ඇති කරගත් ගිවිසුම අනුව ඉදිරියේදී තවත් වැඩි ශ්‍රමිකයන් සංඛ්‍යාවක් ජපානයට පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළකළ අතර ඒ සඳහා අවශ්‍ය පූර්ණ දායකත්වය ලබාදෙන ලෙසද අමාත්‍යවරයා ජපාන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleභූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට අරමුදල් රැස්කිරීම සඳහා පැවති ප්‍රවර්ධන වැඩසටහනෙන් ඩිරාම් මිලියන 15.6 ඉක්මවූ මුදලක්
Next Article Gulfood ප්‍රදර්ශන​ය හෙටයි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.