Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»පැය 24ක් ඇතුළත එමිරේට්ස් හැඳුනුම්පත ලබා ගත හැකි ආකාරය
Uncategorized

පැය 24ක් ඇතුළත එමිරේට්ස් හැඳුනුම්පත ලබා ගත හැකි ආකාරය

Stanly KularathnaBy Stanly KularathnaFebruary 22, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඔබ ඔබේ එමිරේට්ස් හැඳුනුම්පත සඳහා, වේගවත් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට පැය 24ක් ඇතුළත එමිරේට්ස් හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් හැඳුනුම්පත් නිකුත් කරන අධිකාරිය වන හැඳුනුම්පත්, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) පැය 24ක් ඇතුළත එමිරේට්ස් හැඳුනුම්පත ලබා ගැනීම සඳහා හදිසි සේවාවක් සපයනු ලබයි. මෙම සේවාව ‘Fawri’ ලෙස හඳුන්වනු ලබන අතර, හදිසි සේවාව සඳහා අවශ්‍ය ගාස්තු ගෙවීමෙන්, ඔබට ICP හි පාරිභෝගික සතුට මධ්‍යස්ථානයකින් (customer happiness centre) සේවාව සඳහා ඉල්ලුම් කළ හැකිය. ඔබට සේවාව ලබා ගත හැකි ආකාරය පිළිබඳ පහත දැක්​වේ.

ඔබ පළමු වරට එමිරේට්ස් හැඳුනුම්පත සඳහා අයදුම් කරන්නේද?

ඔබ හදිසි සේවාව සඳහා සුදුසුකම් ලබන්නේ දැයි පළමුව සොයා බලන්න. හදිසි සේවාව ලබාගත හැක්කේ ඇතැම් එමිරේට්ස් හැඳුනුම්පත් ක්‍රියා පටිපාටි සඳහා පමණක් බව සැලකිල්ලට ගැනීම වැදගත් වන අත​ර හදිසි සේවාව ලබා ගත හැක්කේ ඔබ අයත් වන්නේ කුමන අයදුම්කරු ගනයටද යන්න මත පදනම්වයි.

UAE හි නිල වශයෙන් පදිංචිව සිටින UAE ජාතිකයින් සහ GCC ජාතිකයින් සඳහා සියලුම වයස් කාණ්ඩ සඳහා

• පළමු වරට ලියාපදිංචි වීම

• කල් ඉකුත් වූ කාඩ්පත් අලුත් කිරීම

• අහිමි වූ හෝ හානි වූ කාඩ්පත් සඳහා මෙම සේවාව ලබා ගත හැක.

ඔබ GCC ජාතිකයෙකු හැර වෙනත් විදේශී​ය පදිංචිකරුවෙකු නම්, ඔබට හදිසි සේවාව සඳහා අයදුම් කළ හැක්කේ ඔබගේ හැඳුනුම්පත් ප්‍රතිස්ථාපනය කිරීමේදී පමණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල වෙබ් අඩවිය වන u.ae ට අනුව, මෙයට හේතුව ලෙස දක්වා ඇත්තේ හැඳුනුම්පත් නිකුත් කිරීම හෝ අලුත් කිරීම පදිංචිය සනාථ කිරීම සහ ඊට අදාළ ක්‍රියා පටිපාටි සමඟ සම්බන්ධ වී ඇති බැවිනි.

සේවා පිරිවැය කොපමණද?

එමිරේට්ස් හැඳුනුම්පත අලුත් කිරීමේ පිරිවැය හෝ අයදුම් කිරීමේ පිරිවැය හැරුණු විට, ඔබට හදිසි සේවාව සඳහා ගාස්තු ලෙස ඩිරාම් 150 ගෙවීමට සිදුවේ. ICP වෙබ් අඩවියට අනුව, මෙම සේවාව පාරිභෝගික සතුට මධ්‍යස්ථානවලින් ලබා ගත හැකි බැවින්, ඔබට හදිසි සේවාව සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නම්, ඔබ මධ්‍යස්ථානවලින් එකකට පැමිණීමට අවශ්‍ය වනු ඇත.

අවශ්‍ය ලියකියවිලි මොනවාද?

හදිසි සේවාව සඳහා අයදුම් කිරීමට ඔබට අමතර ලියකියවිලි සැපයීමට අවශ්‍ය නොවේ. ඔබ පළමු වරට ලියාපදිංචිය සඳහා අයදුම් කරන්නේද, කල් ඉකුත් වූ කාඩ්පතක් අලුත් කිරීම හෝ නැතිවූ හෝ හානි වූ කාඩ්පතක් සඳහා ඉල්ලුම් කරන්නේ​ද මත පදනම්ව, අවශ්‍ය ලියකියවිලි වෙනස් වේ.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාමදාන් සම​යේ වැඩ කරන වේලාවන්
Next Article ඩුබායි ගුවන් තොටුපලෙන් පිටවීම​ට ගමන් බලපත්‍ර පාලන​යේදී මගීන් සඳහා මිනිත්තු 5ක පොරොත්තු කාලයක් වාර්තා කරයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.