එමිරාති ලේඛනය ලකුණු 110.50ක් සමඟින්, Nomad Capitalist විසින් පළමු වරට හොඳම 10 ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, පසුගිය වසරේ 35 ස්ථානයේ සිට අංක එකේ ස්ථානයට පැමිණ තිබෙනවා.
“මෙය බොහෝ දුරට හේතු වී ඇත්තේ විදේශිකයන්ට ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට ඉඩ සලසන මෑත කාලීන වෙනස්කම් නිසා ය … එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍රයක් මගින් ලබා දෙන සංචාරක නිදහස සහ රටේ ව්‍යාපාරික හිතකාමී පරිසරය සහ අපේක්ෂා කළ හැකි බදු ක්‍රමය, 2023 සඳහා අපගේ ලැයිස්තුවේ ඉහළින් තබා ඇත” බදු සහ ආගමන උපදේශනය පැවසීය.
එහි වෙබ් අඩවියට අනුව, Nomad Capitalist විදේශ ගමන් බලපත්‍ර දර්ශකය නිර්මාණය කර ඇත්තේ ලෝකයේ හොඳම පුරවැසිභාවය ඉස්මතු කිරීම සඳහා ය. “අපගේ ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ වීසා රහිත සංචාරයේ පදනම මත පමණක් නොව, ජාත්‍යන්තර බදු නීති, ගෝලීය අවභෝධය, ද්විත්ව පුරවැසිභාවය සහ පුද්ගලික නිදහස මතයි” සමාගම පවසයි.
විදේශ ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම සාධක පහක් මත පදනම්ව තක්සේරු කරනු ලබන අතර, එක් එක් සාධකයට වෙනස් ලකුණු ලබා දෙනු ලැබේ.
එම සාධක වන්නේ:
1. වීසා රහිත ගමන්
2. පුරවැසියන්ගෙන් බදු අය කිරීම
3. ගෝලීය අවභෝධය
4. ද්විත්ව පුරවැසිභාවය ලබා දීම
5. පුද්ගලික නිදහස
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සංචාරක ප්‍රවේශයට 50 %ක ලකුණු ලබා දී ඇත. වාර්තාව මෙසේ පැවසීය: “අපි සංචාරක ප්‍රවේශය ශ්‍රේණිගත කිරීම සඳහා ප්‍රසිද්ධියේ ලබා ගත හැකි විදේශ ගමන් බලපත්‍ර දත්ත සහ ප්රවෘත්ති මූලාශ්‍ර මත විශ්වාසය තැබුවෙමු. අපි Visa-free, Visa On Arrival සහ eTA රටවල් සාරාංශ කිරීමෙන් සංචාරක ලකුණු ගණනය කරමු. එම දත්ත මත පදනම්ව, අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාරක ලකුණු 181ක් ලබා දුන්නෙමු. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා නොමැතිව ඇතුළු විය හැකි රටවල් (visa-free countries) 116ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර දරන්නන්ට පැමිණීමේදී වීසා බලපත්‍රයක් ලබා ගැනීමෙන් ඇතුළු වීමට අවසර දෙන රටවල් (visa-on-arrival countries) 58ක් ඇති බැවින්, සහ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරය (eTA) ගමනාන්ත 7ක් ලෙස සැලකිල්ලට ගැනීමෙනි.
බදු ලකුණු සඳහා, බදු වෙළෙන්දන්, ප්රවෘත්ති මූලාශ්‍ර සහ බදු අධිකාරීන්ගෙන් දත්ත රැස් කරන ලදී. “අපි කොතැනක ජීවත් වුවත් පුරවැසියන්ගෙන් බදු අය කරන රටවලට අපි අඩුම ලකුණු 10 ක් පවරමු, පුරවැසියන්ට බදු මඟ හැරීම සඳහා වෙනත් ස්ථානයකට යාමට ඉඩ දෙන රටවලට ලකුණු 20 ක් හෝ 30 ක්, නේවාසික පුරවැසියන්ගේ විදේශ ආදායම් සඳහා බදු නොගන්නා රටවල් සඳහා 40 ක්, සහ බදු ශුන්‍ය රටවලට 50 වශයෙනි. එම දත්ත මත පදනම්ව, අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බදු ලකුණු 50ක් පවරනු ලැබුවා, එයින් අදහස් කරන්නේ රටේ බදු ශුන්‍ය බවයි.
ගෝලීය අවභෝධය මත ලකුණු ලබා ගැනීම සඳහා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මුළු ලකුණු වලින් 10 % ක් ලබා දී ඇත, ඒ ලෝක සතුටු වාර්තාව, මානව සංවර්ධන දර්ශකය සහ “එක් එක් රටක පුරවැසියන් පිළිගන්නා ආකාරය සහ පිළිගැනීමට ලක්වන ආකාරය තීරණය කිරීම සඳහා අපගේ ජාලවල අත්දැකීම් වලින් විෂයානුබද්ධ සාධක සැලකිල්ලට ගනිමිනුයි” වාර්තාව සඳහන් කොට තිබෙනවා.
වාර්තාව තානාපති කාර්යාල දත්ත මත විශ්වාසය තබා ද්විත්ව පුරවැසි තත්ත්වය ගණනය කර ඇත. ඒ දැඩි ලෙස තහනම් සඳහා ලකුණු 10 සිට නිදහසේ අවසර දී ඇති සඳහා ලකුණු 50 දක්වා ද්විත්ව පුරවැසිභාවය දැරීමට ඇති හැකියාව මතයි. පුරවැසියන්ට වෙනත් පුරවැසිභාවය දැරීමට දැඩි ලෙස තහනම් කර ඇති රටවලට ලකුණු 10 සහ 20ක් ද, පුරවැසියන්ට වෙනත් පුරවැසිභාවයන් දැරීමට බොහෝ විට අවසර දී ඇති නමුත් යම් සීමාවන් ඇති රටවලට ලකුණු 30 සහ 40ක් ද ලබා දෙන ලද අතර 50 පුරවැසියන්ට සෑම විටම පාහේ වෙනත් පුරවැසිභාවයන් දැරීමට අවසර දී ඇති රටවලටය. “එම දත්ත මත පදනම්ව, අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද්විත්ව පුරවැසි ලකුණු 30ක් ලබා දුන්නා. එයින් අදහස් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ට බොහෝ විට වෙනත් පුරවැසිභාවයන් දැරීමට අවසර ඇති නමුත් යම් සීමාවන් සමඟයි.
Nomad Capitalist හි සම්පූර්ණ ලකුණු සහිත බලවත් ගමන් බලපත්‍ර ලැයිස්තුව:
1. UAE – 111
2. ලක්සම්බර්ග් – 108
3. ස්විට්සර්ලන්තය – 108
4. අයර්ලන්තය – 108
5. පෘතුගාලය – 108
6. ජර්මනිය – 107
7. චෙක් ජනරජය – 107
8. නවසීලන්තය – 107
9. ස්වීඩනය – 106
10. ෆින්ලන්තය – 106