අබුඩාබි පොලිසිය රියදුරන්ට අනතුරු අඟවා ඇත්තේ මාර්ගය මැද තම වාහන නවතා රථවාහන ගමනාගමනයට බාධා කිරී​ම සහ අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ට අනතුරක් වන ආකාරයෙන් ක්‍රියා නොකර​​න ලෙසයි.

කාර්යබහුල මාර්ගයක් මැද නැවතීමේ අනතුරු පිළිබඳව හෙළි කරන වීඩියෝවක් පොලිසිය සිය සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදාගෙන තිබේ.

එම වීඩියෝවේ දැක්වෙන්නේ කාර්යබහුල අධිවේගී මාර්ගයක වෑන් රථයක් ගමන් කරන ආකාරයත් එම වාහනයේ රෝද කවරය ගැලවී යනවාත් සමගම එය දකි​න රියදුරු වාහන​ය පාර මැද නතර කරන ආකාරයත් ​ය.

එක් වාහනයක් වෑන් රථයට පිටුපසින් නවත්වනු දැකිය හැකි අතර තවත් දර්ශනයකදී වෑන් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයක් නියමිත වේලාවට නතර කිරීමට අසමත් වී වෑන් රථයේ ගැටී ඇත. වෑන් රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කරන විට ඉදිරියෙන් එන වාහන ගණනාවක් එහා මෙහා යාමට උත්සාහ කරයි.

මාර්ග​යේ ආරක්ෂිතව ගමන් කිරීම අරමුණු කරගත් ‘You Comment’ වැඩසටහනේ කොටසක් ලෙසයි පොලිසිය මෙම වීඩියෝව නිකුත් කොට ඇත්​තේ.

හදිසියේ වාහන නැවතීමේදී ළඟම ඇති පිටවීමේ මාර්ගයට හෝ අවම වශයෙන් මාර්ගයේ දකුණු සීමාව​ට හෝ ගමන් කරන ලෙස රථවාහන බලධාරීන් මීට පෙර​ද රියදුරන්​ව දැනුවත් කර ඇත. මෙම උල්ලංඝනය කිරීම සඳහා ඩිරාම් 1,000 ක දඩයක් සහ රථවාහන කළු ලකුණු හයක් වේ.

Share.

Comments are closed.