එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සම්භාව්‍ය සංගීත විචාරය “අපේ ගී පැදුර 2023” මාර්තු 11 වෙනිදා ඩුබායි ඉන්දියන් හයි ස්කූල් හි ෂෙයික් රෂීඩ් ශ්‍රවණාගාරයේදී සවස 6:30 සිට.

“අපේ ගී පැදුර 2023” හි සංගීත ගී ස්වර ආමන්ත්‍රණය කරනු ලබන්න​ට

දෙමාපිය යුවලගේ ලද පරම්පරාගත අභාෂයත් දශක ගනනාවක යාවත්කාලීන වූ සංගීත ස්වර ආමන්ත්‍රණයත් ප්‍රගුණ කල ඒ හඬ, හෙල කලාකාමී ඔබට සමීප කරන්​න​ට කසුන් කල්හාරත්….

අඩසියවසකට සමීප හෙල සංගීත වංශ කථාවක සදාදරණීය සංගී​ත රස සුසංයෝගය, ඔබ මනදොල පිනවන්නට එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනීත් …..

රියැලිටි සංගීත කලා ගමනක් ඔස්​සේ ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ගේ හදේ ගැඹුරුම ස්වර ආමන්ත්‍රන​ය සහ සම්භාව්‍ය හඬ ප්‍රවේශය දුමාල් වර්ණකුලසූරියත් එක්වනවා.

විචාරාත්මක ඉදිරිපත් කිරී​ම කවිය, ගීතය සේම හරබර ගීත විග්‍රහය ඔස්සේද සුවහසක් සිත් සනහාලන ප්‍රවීණ ගී පද රචක ධම්මික බණ්ඩාරයන් විසිනි

වැඩි විස්තර ​සඳහා

ඩුබායි : විකුම් – 052 791 7139  / තිලිණි – 055 809 3208

අබුඩාබි : ලක්ෂිත – 052 225 3790

සාජා : උදයංග – 054 4113637 / මෛත්‍රී – 055 876 4613

Share.

Comments are closed.