දශක ගනනාවක් ගීත හා සංගීතය ඔස්සේ අප සිත්වල සංවේදීම තැන් ආමන්ත්‍රණය කල, හෙල සංගීත කලාව සම්භාව්‍යත්වයට පත්කල මහා ගාන්ධර්වයා ආචාර්ය වික්ටර් රත්නායකයන් සහභාගී වන “සංඛේත” සංගීත ප්‍රසංගයට තවත් ඇත්තේ දින 2ක් පමණයි.
අසූවිය ඉක්මවූවත් තවමත් ගීතයෙන් ඔබ සිත් අමතන්නට වසර ගනනාවකට පසුයි ඔහු නැවත ඩුබායි වෙත පැමිනෙන්නේ.
හෙල සංගීත කලාවේ සම්භාව්‍යත්වයට නව අරුතක් එක් කරන්නට ගීතයෙන් යෞවන හදවත් ආමන්ත්‍රණය කරන සංඛ දිනෙත් වික්ටර් රත්නායකයන් හා මෙම සංගීත ප්‍රසංගයට එක් වෙනවා. යුග දෙකකට අයත් මෙම ගායක සුසංයෝගය එකම වේදිකාවකදී තම නිර්මාණයන් ඔබ අතරට ගෙන එන්නේ ඩුබායි හී ප්‍රථම වතාවටයි.
මෙම ගායක දෙපල පසුගිය වසරේ සැප්තැම්බර් 24 වෙනිදා ශ්‍රී ලංකාවේදී ඉදිරිපත් කල සංගීත ප්‍රසංගට ලැබුණු ඉහල ප්රතිචාරයන් නිසාම ඩුබායිහිදීත් මෙම “සංඛේත” සංගීත ප්‍රසංගය රෂ් ඉවෙන්ටස් විසින් සංවිධානය කෙරෙනවා.
“සංඛේත” සංගීත ප්‍රසංගය
ප්‍රවීනත්වයේ නවීන සර වියමන
මෙහි සංගීත අධ්‍යක්ෂණය පහන් සන්දීප විසිනි
2023 මාරුතු 18 වෙනිදා
Ambassador International Academy හිදී රාත්‍රී 7 සිට
මෙම සංගීත ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර තවත් ඉතිරිව ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණි. WHATSAPP හරහා මෙන්ම Online මගින්ද ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමට විස්තර පහත දැක්වෙනවා.
WHATSAPP හරහා විමසීම් හෝ ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමට:
වසන්ත – +971 569 457 189
Online ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමට: මෙතනින්
හද රැඳුනු වික්ටර් රත්නායකයන්ගේ ඒ පැරණි ගීත එකතුව සජීවීව අසන්නට දකින්නට ලැබෙන මේ ස්වර්ණමය අවස්ථාවට ඔබත්, ඔබ පුවුලේ සැමත්, ඔබගේ ආදරණීයනුත් සමග එක්වන්න.