Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට අමතර රැකියා අවස්ථා 10,000ක්
Foreign Employment

මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට අමතර රැකියා අවස්ථා 10,000ක්

Stanly KularathnaBy Stanly KularathnaMarch 16, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැලේසියානු රජය විසින් ශ්‍රී ලංකාව සඳහා ආරක්ෂක සේවා ක්ෂේත්‍රයේ රැකියා 10,000 ක අමතර කෝටාවක් වෙන් කර ඇති බව විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

2022 වර්ෂය තුළ විගමණික රැකියා ක්ෂේත්‍රයට අදාළව විදේශ රැකියාගත කිරීම්, පැමිණිලි, චෝදනා ඇතුළු සියලු කරුණු සලකා බලා, විදෙස් රැකියා ක්ෂේත්‍රයේ ජීවගුණය රැකගනිමින් සාධනීය කාර්යභාරයක් ඉටුකළ රැකියා නියෝජිත ආයතන ඇගැයීම පිණිස කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ‘Golden Award 2022’ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවට දැනටමත් වෙන් කර ඇති රැකියා අවස්ථා 10,000 ක කෝටාවට අමතරව මෙම නව කෝටාව ලබාදෙන බවයි.

“මැලේසියානු රජයෙන් රැකියා අවස්ථා ලබා ගැනීමට අපට හැකි වී තිබෙනවා. මුලදී, රැකියා 10,000 ක කෝටාවක් මැලේසියානු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, රැකියා 100,000 දක්වා වැඩි කිරීමේ හැකියාව පවතිනවා” ඔහු පැවසීය.

රාජ්‍යයන් දෙ​ක  අතර ගිවිසුම යටතේ නවතම රැකියා අවස්ථා සුරක්ෂිත කර ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අනාවරණය කළේය.

“අපගේ ඉලක්කය වන්නේ විදේශ රැකියා හරහා ලැබෙන විදේශ ප්‍රේෂණ හරහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක් සුරක්ෂිත කර ගැනීමයි. මේ සඳහා වාර්තාගත සංක්‍රමණික ශ්‍රමිකයන් සංඛ්‍යාවක් පිටත්කර හැරීමට සිදුවනු ඇති අතර එය බඳවා ගැනීමේ ආයතනවල වගකීම වෙනවා. විදේශ රැකියා සඳහා යන අයගේ සුබසාධනය පිළිබඳ වගකීම රජය භාර ගන්නවා.”

විදේශ රැකියා පිළිබඳ නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් ඉවත් කරන අතරම ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සුබසාධනය ඇතුළත් වන පරිදි විදේශ රැකියා පනත සංශෝධනය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත්ස ඳහන් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවික්ටර් රත්නායක සහ සංඛ දිනෙත් ගේ “සංඛේ​ත” සංගීත ප්‍රසංගයට තවත් ඇත්තේ දින 2 යි
Next Article මාලබේ – කොටුව සැහැල්ලු දුම්රිය යළි කරළියට
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.