Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Battle of the Golds-UAE මහා ක්‍රිකට් තරගයෙන් DS පිලට විශ්ෂ්ට ජයක්
Events

Battle of the Golds-UAE මහා ක්‍රිකට් තරගයෙන් DS පිලට විශ්ෂ්ට ජයක්

Stanly KularathnaBy Stanly KularathnaMarch 16, 2023Updated:March 16, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

UAE හි ඩී.​එස්. සේනානායක සහ මහානාම විද්‍යාලීය ආදි සිසුන් අතර 2වන වාර්ෂික ක්‍රිකට් ගැටු​ම සාජා හි Vision Cricket Centre ක්‍රීඩාංගනයේදී පසුගිය 11 වෙනි සෙනසුරාදා ඉතා උත්කර්ෂවත් අන්දමින් අවසන් වුනා.

කාසියේ වාසිය දිනාගත් ඩී. එස්. සේනානායක කණ්ඩායම පළමුව පන්ඳුවට පහර දීමට තීරණය කල අතර ඔවුන් සිය පන්ඳුවාර 20 තුල කඩුළු 4 කට ලකුණු 255ක් රැස්කලා.

මෙහිදී ප්‍රභල ආරම්භයක් ලබාගත් සේනානායක කණ්ඩාය​ම පලමු ඕවර 6 තුල ලකුණු 82ක් ලබා ගනිමින් වැඩි ලකුණු ප්‍රමාණයක් ඉලක්ක කොටගෙන තරගයේ වැඩි වාසි ඔවුන් වෙත නතු කරගත්තා. ඩී. එස්. සේනානායක කණ්ඩාය​ම වෙනුවෙන් ආරම්භක පිතිකරු යුවල අර්ශාඩ් ජුනායිඩ් පන්දු 46කින් වේගවත් ලකුණු 100ක්ද ඉම්‍රාන් සම්ශුදීන් පන්දු 49කින් දර්ශනීය ලකුණු 75ක්ද ලබාගනිමින් විශිෂ්ට ලකුණු 255ක් දක්වා තම පිල රැගෙන යනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ මහානාම කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත්තත් කඩුලු 2ක් බිඳ වැටීමෙන් පසු යම්කිසි පසුබෑමකට ලක් වූවත් නුවන් වර්ණසූරියගේ පන්දු 39ක් තුල රැස් කල ලකුණු 86 සේනානයකයන්ට අභියෝග කරනු ලැබුවා. තරඟය අවසන් පන්දුවාරය තෙක්ම ජයග්‍රහනය දෙපාර්ශවයට දෝලනය වෙමින් සැමදෙනා හට දැඩි කුතුහලයක් දනවන්නට වූවා. අවසන මහානාම කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 214ක් පමණි. ඒ අනුව ඩී.​එස්. සේනානයක කන්ඩායමට ලකුණු 41ක තියුණු ජයක් හිමි කරදෙමින් Battle of the Golds ගැටුම එසේ නිමාවට පත්විය.

තරගයේ වීරයා ලෙ​ස සේනානායක කණ්ඩායමේ අර්ශඩ් ජුනයිඩ්, තරගයේ හොඳම පිති​කරු ලෙ​ස මහානාම කණ්ඩායමේ නුවන් වික්‍රමසූරිය සහ තරගයේ හොඳම පන්ඳු යවන්නා ලෙස සේනානයක කණ්ඩායමේ ඉසුරු කල්ප තෝරා ගැනුනා.

මෙම තරගය පැවැත්වූයේ දෙව​න වරට වන අතර මේ දක්වා පැවති තරග දෙකම ජයගනු ලැබු​වේ ඩී. එස්. සේනානායක විද්‍යාලීය කණ්ඩායම විසිනි.

Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleභූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට සහය දැක්වීම සඳහා UAE හි ‘Bridges of Goodness’ ව්‍යාපාරය ලටාකියාවේ දියත් කෙරේ
Next Article වික්ටර් රත්නායක සහ සංඛ දිනෙත් ගේ “සංඛේ​ත” සංගීත ප්‍රසංගයට තවත් ඇත්තේ දින 2 යි
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.