වර්ථමාන සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ පෙරලිකාර හා ජ​නප්‍රිය ගායන හා වාදන එකමුතුවක් සහභාගීවන BNS – Infinity – Umaria Live in Dubai සංගීත ප්‍රසංගයට තවත් ඇත්තේ දින 3 පමණයි.

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ ගායන හා වාදන රටාවන් වෙනත්ම මානයකට යොමුකල BNS, ඔවුන්ගේ පැරණි මෙන්ම ජනප්‍රිය ගීත එකතුව සමගින් ​ද, ගායන​ කෞෂල්‍යය හා හඬ විෂිශ්​ට අයුරින් මෙහෙයවමින් උමාරිය තම ජනප්‍රිය නිර්මාණ එකතුව සමගින් ​ද මෙම සංගීත ප්‍රසංගයට එක් වන්නට නියමිතයි.

ප්‍රසංග වේදිකාව හා ප්‍රේක්ෂක සමූහය තම සංගීත මෙහෙයවීම තුලින් හා ඔවුන්ගේ ගීත එකතුව තුලින් අමන්දානන්දයට පත් කරන්නට විෂිශ්​ට හැකියාවකින් පිරි අතිදක්ෂ වාදක කන්ඩායමක් වන ඉන්ෆිනිටි විසින් සංගීතය මෙහෙයවනු ලබනවා.

BNS – Infinity – Umaria Live in Dubai සංගීත ප්‍රසංගය මාර්තු 18 වෙනිදා IBN Battuta Gate – Dubai හොටලයේදී රාත්‍රී 9:00 සි​ට පැවැත්වෙනවා.

අමතක නොවන සංගීතවත් රාත්‍රියක අත්දැකීම එකතු කරගන්නට ඔබත් ඔබගේ පවුලේ සැ​ම​ට හා ආදරණීයන් සමග එක් වන්න.

ඔබගේ ප්‍රවේශපත්‍ර දැන්ම වෙන්කරවා ගන්න!

අමතන්න

+971 56 422 0762 (මලින්ද) / +971 55 400 3838 (KC) / +971 52 208 2351 (සම්පත්)

කණ්ඩායම් සඳහා VIP පැකේජ ලබා ගත හැකි අතර සැමට වාහන නැවැත්වීම නොමිලේ.

Share.

Comments are closed.