Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ලා​ඕසයේ විශේෂිත කලාපක කොටුවී සිටි තරුණයන් පිරිසක් බේරා ගැනෙයි
Foreign Employment

ලා​ඕසයේ විශේෂිත කලාපක කොටුවී සිටි තරුණයන් පිරිසක් බේරා ගැනෙයි

Stanly KularathnaBy Stanly KularathnaMarch 25, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලාඕසයේ පරි​ඝණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 24 දෙනෙකු තමන්ට පැවරූ පරිඝණක මූල්‍ය වංචා සිදු නොකිරීම නිසා එරට විශේෂිත කළාපයක කොටු වී සිටියදී ඔවුන් බේරා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

මොවුන් හම්බන්තොට සහ ගාල්ල ඇතුළු දකුණු පළාත නියෝජනය කරන පරි​ඝණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ තරුණයන් පිරිසකි.

ඔවුන් මීට මාස 04 කට පමණ පෙර ලාඕසයේ “බොකියෝ” (Bokio) හි , චීනය විසින් පාලනය කරනු ලබන රන් ත්‍රිකෝණයේ විශේෂිත ආර්ථික කළාපයේ (Special Economic Zone ) පරිඝණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ව්‍යාපාරික වීසා යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටත්ව ගොස් තිබේ.

එහිදී මෙම කලාපයට ඇතුළුවත්ම ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර, ජංගම දුරකථන සහ අනෙකුත් වටිනා ලියකියවිලි සියල්ල මොවුන් රැගෙන ගිය සමාගම විසින් තම භාරයට ගෙන තිබෙනවා.

ඉන්පසුව මෙම විශේෂිත කළාපය තුළ පිහිටි සමාගමේ කාර්යාලය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස වෙත තම රැකියාවේ කාර්යයභාරය ලෙස විවිධ ගිණුම් ක්‍රම භාවිතා කරමින් ​මෙම කළාපය තුළ ව්‍යාජ ලෙස විවිධ ආයෝජන අවස්ථා පවතින බව පෙන්වා දෙමින්, මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ගෙන් , අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචනික​ව ලබා ගැනීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ.

මෙම කටයුත්ත ප්‍රතික්ෂේප කළ මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිසට මෙම විශේෂිත ආර්ථික කළාපයෙන් පිටවීමට, මේ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකාවට හෝ බාහිර ලෝකය දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා නොදී සිරගත තත්වයකට පත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.

එහෙත් පරිගණක පිළිබඳව මනා නිපුණත්වයක් ඇති මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිස මෙම බාධක මැඩලමින් දැඩි ප්‍රයත්නයක් දරා මේ සියලු සිදු වීම් මාලාව ලොවට හෙළි කිරීමට පියවර ගෙන තිබුණි.

ලාඕස රාජ්‍යයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති නිලධාරී වරයෙකු නොමැති අතර, ඒ වෙනුවට ගරු දූත සේවා නිලධාරී​වරයෙකු වශයෙන් දමිත් අලුත්ගේ මහතා කටයුතු කරමින් සිටින අතර ඔහු සහ ශ්‍රී ලංකාවේ “මගෙන් රටට” සිවිල් සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා එක්ව දැඩි ප්‍රයත්නයක් දරා , මෙම තරුණයන් පිරිස මෙම කළාපයේ එම සමාගමෙන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබුණි .

ඒ අනුව මෙම තරුණයන් පිරිස ලාඕසයේ සිට තායිලන්තයේ බැංකොක් වෙත ගෙනැවිත්, එතැන් සිට 03/24 දින උදෑසන 10.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරැකියා ස්ථානයේ රහස් හෙළිකලොත් ඩිරාම් මිලියනයක් දක්වා දඩයක් සමග සිරගත කිරීමක්
Next Article දූෂණ නතර කිරීම සඳහා දින 14කින් වාර්තාවක් IMF ඉල්ලයි
Stanly Kularathna

Related Posts

එළවළු ආනයනය කිරීමටත්  මිලියන ගණනක් වැය වෙයි

June 8, 2025

ජනාධිපති සමාව අනීතික ලෙස භාවිත කරමින් සිරකරුවන් නිදහස් කර ඇති බව හෙළි වේ

June 8, 2025

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.