ශුද්ධ වූ රාමසාන් මාසයේ පළමු දින පහ තුළ කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු යාචකයින් 25 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියේ යාචක විරෝධී ව්‍යාපාරයේ කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ජමාල් සලීම් අල් ජලාෆ් ප්‍රකාශ කළේ වාර්ෂිකව ඩුබායි වෙත පැමිණෙන යාචකයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කිරීමට මෙම ව්‍යාපාරය ඉවහල් වූ බවයි. මෙයට හේතු වී ඇත්තේ අත්අඩංගුවට ගත් අයට එරෙහිව ගෙන ඇති “දැඩි හා තීරණාත්මක ක්‍රියාමාර්ග” නිසා බව එම නිලධාරියා පැවසීය.

මේජර් ජෙනරාල් අල් ජලාෆ් පැවසුවේ “සොරකම්කිරී​ම, මංකොල්ලකෑම, ළමයින්, රෝගීන් සහ ආභාධි​ත පුද්ගලයින් අයථා ලාභ සඳහා සූරාකෑම” වැනි බරපතල ප්‍රතිවිපාකවලට සිඟාකෑම සම්බන්ධ බවයි.”

ශුද්ධ වූ මාසය තුළ පුද්ගලයින්ට මූල්‍ය ආධාර ලබා ගැනීමට හෝ ආහාර ලබා ගැනීමට නිල ආයතන, පුණ්‍යායතන සහ සංගම් පවතින බව අල් ජලාෆ් අවධාරණය කළේය. සිඟමන් යැදීම නීති විරෝධී බවත් ෆෙඩරල් නීති​ය යටතේ දඬුවම් ලැබිය හැකි බවත් ඔහු ජනතාවට මතක් කර දුන්නේය.

අධ්‍යක්ෂ කර්නල් අලි සාලෙම්, යාචකයන්ගේ ආයාචනාවලට ප්‍රතිචාර නොදක්වන ලෙස හෝ ඔවුන්ට අනුකම්පාවක් නොදක්වන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේය. පොලිස් ඇප් එකේ 901 ඇමතුම් මධ්‍යස්ථානය හෝ “Police Eye” සේවාව හරහා යාචකයින් ගැන වහාම වාර් තා කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තැපෑල හරහා යාචකයන්ගෙන් ලැබෙන වංචනික විද්‍යුත් පණිවිඩවලට ගොදුරු වීම සම්භන්ධයෙන් කර් නල් අලි සාලෙම් ප්‍රජාවට අනතුරු ඇඟවීය. එවැනි පණිවිඩ ඊ-ක්‍රයිම් වේදිකාව හරහා වාර්තා කරන ලෙස ඔහු වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

Share.

Comments are closed.