ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඊ​යේ නිවේදනය කළේ අල් මක්ටූම් පාලම අද, මාර්තු 30 වනදා වන විට අර්ධ වශයෙන් වසා දමන බවයි. මෙම පාලම ශුද්ධ වූ රාමසාන් මාසය තුළ සඳුදා සිට සෙනසුරාදා දක්වා සතියේ දින හයක් වසා තැබේ.

අධිකාරිය පවසන පරිදි සඳුදා සිට සෙනසුරාදා දක්වා අලුයම 1:00 සිට උදෑසන 6:00 දක්වා මාර්ගය වසා තැබේ. තම ගමනාන්ත වෙත පහසුවෙන් ළඟා වීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

භාවිතා කල හැකි විකල්ප මාර්ග:

  • Al Garhoud පාලම
  • Business Bay පාලම
  • Al Shindagha උමග
  • The Infinity පාලම
Share.

Comments are closed.