කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස උද්ධමනය 50.3% ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මාර්තු මස ආහාර කාණ්ඩයේ උද්ධමනය 47.6% ක් දක්වා පහත වැටී ඇති බවයි. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය 50% ට අඩු ප්‍රතිශතයකට පත්ව ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසුව බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

පෙරවාරි මස 48.8% ක්ව පැවැති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 51.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නිවාස, ජල, විදුලි සහ ගෑස් උප කාණ්ඩයේ උද්ධමනය 24.3% සිට 42.3% ක් දක්වා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවත් ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share.

Comments are closed.