UAE හි කොළඹ සහිරා විද්‍යාලයී​ය ආදිශිෂ්‍යයන්​ගේ AGT කණ්ඩායම් අතර පිලකට හය දෙනෙක් සහභාගීවන 2023 පාපන්දු තරගාවලි​ය පසුගිය මාර්තු 18 වන සිකුරාදා ඩුබායි හි රැප්ටන් පාසලේදී සාර්ථකව පවත්වනු ලැබුවා.

මෙම අවස්ථාවට ෆින්වින් ඇකඩමියේ ශිෂ්‍යයන්, දෙමාපියන් සමඟ සහිරා විද්‍යාලයී​ය ආදිශිෂ්‍යයන් විශාල පිරිසක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සහභාගී වුනා.

මෙම ත​ර​ඟාවලියට සහභාගී වූ කණ්ඩායම් වූ​යේ

  • 94 Warriors
  • 90 Hurricanes
  • 96 Vipers
  • 92 Panthers
  • 2002 Blasters
  • 2005 Challengers
  • 2006 Rangers
  • 2011 Renegades
  • 95 Pirates
  • 99 Strikers
  • 2009 Devils
  • 2014 Thunders

තරගාවලි​යේ මාස්ටර්ස් ශූරතාව සිරාජ්ගේ නායකත්වයෙන් යුත් “96 Vipers” කණ්ඩායම විසින් ගෝල 6 ට බිංදුවක් ලෙස “92 Panthers”  පරාජය කරමින් දිනා ගන්නා ලදී.

තරගාවලියේ යොවුන් ශූරතාව සමීන්ගේ නායකත්වයෙන් යුත් “2006 Rangers” විසින් “2011 Renegades ” කණ්ඩායම දඬුවම් පහර 3 ට 2 කින් පරාජය කරන ලදී.

ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ගරු නලින්ද විජේරත්න මැතිතුමාද මෙම උත්සව අවස්ථාවට සහභාගී වුණා.

Share.

Comments are closed.