බේකරි සහ හෝටල් හිමියන් ඉන්දීය බිත්තර කෝටියක් (10,000,000) මිලදී ගැනීම සඳහා රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවෙන් ඉල්ලීම් කර ඇතැයි එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

එම ඉල්ලීම්වලට අනුව බිත්තර ගෙන්වීම අඛණ්ඩව සිදුකරන බව ද ඒ මහතා කීය.

බිත්තර ලබාදීම සිදුකරන්නේ දිනකට බිත්තර 5,000 – 10,000 අත​ර භාවිත කරන හෝටල් සහ බේකරිවල​ට බව ද වලිසුන්දර මහතා කීය. රටේ බිත්තර අවශ්‍යතාවයෙන් 60% ක් බේකරි සහ හෝටල් සඳහා අවශ්‍ය බවත් වෙළෙඳපොළට අවශ්‍ය වන්නේ ඉතිරි 40% බව ද ඔහු කීය. හෝටල් හා බේකරිවලට ආනයනික බිත්තර ලබාදෙන නිසා වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර ටික මෙරට බිත්තර නිෂ්පාදකයන්ට ලබාදිය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.