2022 සැප්තැම්බර් මස 17 වෙනිදා එක්සත් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකීය පුරවැසියන් සමුහයක් විසින් ඩුබායි සිලෝන් සිංහ සමාජය, ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මැතිතුමා​ගේ සහ මැදපෙරදිග සිංහ සමාජ භාරව කටයුතු කරන ජාත්‍යන්තර සිංහ සමාජ නියෝජිත සිංහ ඔගස්ටෝ ඩී පීට්‍රො යන මහත්වරුන්ගේ ස​හභාගීත්වයෙන් ඉතා සාර්ථක ලෙස ආරම්භ කරනු ලැබුවා. එය ජාත්‍යන්තර සිංහ සමාජයේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි මැදපෙරදිග පිහිටුවන ලද ශ්‍රී ලාංකික පුරවැසියන් නියෝජනය කරන ප්‍රථම සිංහ සමාජය වන අතර මේ වන විට සාර්ථකව ශ්‍රී ලාංකීකය පුරවැසියන් වෙනුවෙන් සේවා ව්‍යාපෘතීන් රැසක් සිදු කර තිබෙනවා.

​ලෝකය පුරා විසිරී පවතින සිංහ සමාජ, ප්‍රධාන මාතෘකා පහක් යටතේ ස්වේච්ඡා සේවාවන් ලබා දෙනවා.

  • පරිසරය
  • බඩගින්න
  • දියවැඩියාව
  • පෙනීම
  • ​ළමා පිලිකා ඇතුලත් වෙනවා

ඩුබායි සිලෝන් සිංහ සමාජය, ජාත්‍යන්ත​ර සිංහ සමාජයේ මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි මැදපෙරදිග පිහිටුවන ලද ශ්‍රී  ලාංකික පුරවැසියන් නියෝජනය කරන ප්‍රථම සිංහ සමාජය වන අතර මේ වන විට සාර්ථකව ශ්‍රී  ලාංකීකය පුරවැසියන් වෙනුවෙන් සේවා  ව්‍යාපෘතීන් රැසක් සිදු කර තිබෙනවා.

ඒ අතර

  • ඩුබායි ශ්‍රී ලංකා කොන්සියුල් ජනරාල් කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්​ෂක නිවාසයේ නේවාසිකව සිටින කාන්තාවන් හට ලංකාවට යාම සදහා අවශ්‍ය මූල්‍යමය ආධාර ලබා දීම
  • එම ආරක්​ෂක නිවාසය​ට අත්‍යාවශ්‍ය ආහාරපාන සහ අත්‍යාවශ්‍ය උපකර​ණ ලබා දීම
  • ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව වෙත Orthopedic Mattresses  ද ලබා දී​ම
  • එක්සත් අරාබි එම්ර් රාජ්‍යයේ පසුගිය පෙබරවාරි 11 වෙනි දින පැවති ශ්‍රී ලාංකික දිනය වෙනුවෙන් කසල වර්ගීකරනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද දවස පුරා පවත්වනු ලැබුවා.
Share.

Comments are closed.