එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය නිවේදනය කළේ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් ( ERC) විසින් ආහාර සැපයුම් ටොන් 1,040 ක්, සහන සහ වෛද්‍ය ආධාර ටොන් 600 ක් සහ ගොඩනැගිලි උපකරණ ටොන් 573 ක් ඇතුළුව ටොන් 2,215 කට වඩා මානුෂීය ආධාර ලටාකියා වරාය වෙත ප්‍රවාහනය කරන ලද බවයි.

සිරියාවට සහ තුර්කියට බලපෑ භූමිකම්පා නිසා ඇති වූ මානව දුක් වේදනා සමනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දරන උත්සාහය මෙම ආධාරය මගින් අවධාරනය කරන බවට ERC හි අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ආචාර්ය හම්දාන් මුසල්ලාම් අල් මැස්රොයි පැවසීය.

මෙම මානුෂීය පීඩාවෙන් මිදීම සඳහා සහෝදර සිරියානු ජනතාවට හොඳම සේවාවන් සැපයීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ උනන්දුව ඔහු තහවුරු කළේය.

‘‘Operation Gallant Knight / 2’’ හි කොටසක් ලෙස සිරියාවේ සහ තුර්කියේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවගේ යහපත උදෙසා ERC විසින් එහි මානුෂීය ප්‍රතිචාරය අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. අපි ව්‍යසනයෙන් ඇති වූ දුක් වේදනා සමනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමන​ය කරමින් සිටිමු” ඔහු සිරියාවේ සහ තුර්කියේ සහන මෙහෙයුම් වලදී ERC හි ‘’Bridges of Good’’ මානුෂීය ව්‍යාපාරය පිළිබඳවද සඳහන් කලා. Syrian Arab Red Crescent සමඟ සම්බන්ධීකරණයෙන් ප්‍රතිලාභීන් වෙත ආධාර ලබා දෙන බව ඔහු පැවසීය.


ලටාකියා හි ආණ්ඩුකාර ඉංජිනේරු අමෙර් ඉස්මයිල් හිලාල් පැවසූ​යේ, සිරියාවේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙහෙස නොබලා දරන උත්සාහයත්, ව්‍යසනයේ මුල් අවධියේ සිට සිරියානු ජනතාව​ට දැක්වූ සහයෝගීතාවයත් අගය කr.

Share.

Comments are closed.