අබුඩාබි පොලිසිය පසුගි​යදා නව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, මෙම ශුද්ධ වූ රාමසාන් මාසයේ සෑම විටම පල්ලි ඉදිරිපිට රථවාහන නිසි ලෙස ගාල් කරන ලෙස රියදුරන්ට මතක් කර දෙනවා.

විශේෂයෙන්ම තරාවීහ් යාච්ඤාව අතරතුර මුස්ලිම් පල්ලි ඉදිරිපිට ගමනාගමනය අවහිර වී අනතුරක් සිදු විය හැක. සමහර අවස්ථාවලදී, එය හදිසි වාහන ගමනාගමනයට බාධාවක් විය හැකි අතර ජීවිතාරක්ෂක මෙහෙයුම් පවා ප්‍රමාද කළ හැකි බව අබුඩාබි පොලිසිය සමාජ මාධ්‍යවල බෙදාගත් උපදේශනයේ සඳහන් කරයි.

“ඔබේ වාහනය පදික වේදිකාවේ නවතා පදිකයින් ගැවසෙන ස්ථාන ආක්‍රමණය කිරීමෙන් වළකින්න. මාර්ගය සෑම කෙනෙකුටම අයත් වන බැවින් අතරමග නවතා ප්‍රවේශයන් අවහිර කිරීමෙන් වළකින්න,” උපදේශනයේ වැඩිදුරටත් සඳහන් වි​ය.

නම් නොකළ ප්‍රදේශවල සහ පදික වේදිකාවල වාහන නැවැත්වීම ඩිරාම් 1,000 දක්වා දඩයකට යටත් කළ හැකි රථවාහන වරදක් බව පළාත් පාලන ආයතන මෑත කාලීන උපදේශනයක සඳහන් කළේය.

දඩ වට්ටම්

අබුඩාබි පොලිසියේ රථවාහන වැරදිකරුවන්ට දඩ මුදල් කලින් ගෙවීම් කළහොත් වට්ටම් ලබා ගත හැකි ක්‍රමයක් තිබේ. වැරදි කරන රියදුරන් දඩ මුදල් දින 60ක් ඇතුළත ගෙවන්නේ නම් ඔවුන්ට 35%ක වට්ටමක් ලැබේ. ඔවුන් දින 60ක කාලයෙන් පසුව සහ වසරකට අඩු කාලයක් තුල ගෙවන්නේ නම්, ඔවුන්ට 25%ක වට්ටමක් හිමි​වේ.

අබුඩාබි රජයේ ඩිජිටල් නාලිකා හරහා හෝ පොලිසියේ පාරිභෝගික සේවා වේදිකාවලින් දඩ මුදල් ගෙවිය හැකිය.

මෝටර් රථ හිමියන්ට අබුඩාබි කොමර්ෂල් බැංකුව (ADCB), අබුඩාබි ඉස්ලාම් බැංකුව (ADIB), First Abu Dhabi Bank (FAB), Mashreq Bank සහ Emirates Islamic Bank හරහා පොලී රහිත වාරික වශයෙන්​ද ගෙවීම් ක​ල හැකිය.

Share.

Comments are closed.