බුදු තෙමගුල සමරනු වස් එක්සත් අරාබි එමීර් රාජයේදී පැවැත්වෙන

ඩුබායි වෙසක් මංගල්‍යය – 2023 මෙවරත්

මැයි මස 13 වැනි සෙනසුරාදා සවස 4 සිට රාත්‍රී 9 දක්වා

ඩුබායි ​ශෙයිකා ලතිෆා රෝහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.

වෙසක් මංගල්‍යයේ අසිරිය ලොවට එක්කරන ශ්‍රී ලංකික අපට​ම අනණ්‍යවූ වෙසක් පෙරහැර, පහන් කූඩු, වෙසක් තොරණ, බැති ගී, වෙසක් නාට්‍ය හා දන්සල් සමගින් වෙසක් මංගල්‍යය – 2023 අති උත්කර්ශවත් අන්දමින් සැමරීමට සංවිධායකයින් බලාපොරොත්තු වෙනවා.

වෙසක් පෙරහැර ආරම්භය සවස 4 ට සිදුකරණු ලබන අතර,

වෙසක් සංස්කෘතික මංගල්‍යය සවස 6​ ට ආරම්භ කිරීමට නියමිතයි.

වෙසක් මංගල්‍යයේ කටයුතු මෙහෙය වීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත, ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කෙන්ද්‍රය, ඩුබායිහි ක්‍රියාත්මක වන සියලුම ශ්‍රී ලංකික කලා ආයතන, සියලුම ශ්‍රී ලංකික ස්වෙච්ඡා ආයතන හා සියලුම ශ්‍රී ලංකික වෘත්තී​ය සංවිධාන විසිනි.

මව් බිමෙන් බැහැරව බුදු තෙමගුල සැමරීම​ට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව සංවිධානය කෙරෙන මෙම උතුම් වෙසක් මංගල්‍යයට එක්වන්නැයි ඔබ සැමට පින් බර සිතින් ආරාධනා කරන්නෙමු.

දන්සැල් ස​ඳහා වීමසීම්

පැතුම් අසංක – 052-875 6198 / දුමින්ද ද සිල්වා – 056-5004426

Share.

Comments are closed.