Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»විදෙස් රැකියාවෙත ගොස් නැව​ත පැමිණි අයට අඩු පොලියට ණයක්
Foreign Employment

විදෙස් රැකියාවෙත ගොස් නැව​ත පැමිණි අයට අඩු පොලියට ණයක්

Stanly KularathnaBy Stanly KularathnaApril 25, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදෙස් ගතව සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයින් ට ව්‍යාපාර ආරම්භ කිරීමට අඩු සහන පොලී ණයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

පාර් ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“විදෙස් ගත ශ්‍රමිකයින්ට මිලියන 2ක් දක්වා අඩු පොලියට ණයක් දෙන්​න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා ඊයේ දවසේ කැබිනට් මණ්ඩලය ඊට අනුමැතිය ලබාදුන්නා. විදේශ රැකියා නියුක්ති කාර් යාංශය ඒ සඳහා රුපියල් බිලියන 5ක දායකත්වයක් දරනවා.

කැබිනට් මණ්ඩලය යෝජනා කළා ඒ ලබාදෙන මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2ක ණය මුදලක්, ඒක ලබාදෙන්නේ රට ඉන්න අයට. දැනට විදෙස් ගතව සිට ඇවිල්ලා ඉන්න අයටත් ඒ අයගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න, නැවත ව්‍යවසායකයෙක් බවට පත්කරන්න මේ ණය ක්‍රමය තවදුරටත් පුළුල් කරන්න කියලා ජනාධිපතිවරයා අපට උපදෙස් දුන්නා…”

මේ අතර 2022 වසරේ ජූනි මාසයේ 30 වනදා වනවිට එම වසර සඳහා කාන්තාවන් 30,915ක් විදේශ ගතව ඇතැයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

විදේශ ගතවන පුද්ගලයින්ගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර් යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර විදේශ රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ ලියාපදිංචි වීමේ දී එම පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල තොරතුරු පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් වන බව ද පැවසු අමාත්‍යවරයා, විදේශ ගත වු හා එම පවුල්වල තොරතුරු සොයාබැලීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ප්‍රාදේශීය කාර් යාල හරහා සංවර් ධන නිලධාරීන් යොදවා ඇතැයි ද වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේය.

“2020 වර් ෂයේ ගෘහසේවය සඳහා කාන්තාවන් 15,322ක්, 2021 වර්ෂයේ ගෘහසේවය සඳහා කාන්තාවන් 29,314ක්. ඒ වගේම 39,915ක් ගිය වසරේ හය වෙනි මාසයේ 30 වෙනිදා දක්වා පමණක් විදේශගත වෙලා තියෙනවා. එතැනින් වැඩි වශයෙන් කුරුණෑගල, නුවර හා කොළඹ දිස්ත්‍රික්කවලින් තමා විදේශ ගතවෙලා තියෙන්නේ. එසේ විදේශගත වීමේ දී සේවා ගිවිසුම් අත්සන් කරනවා. එම ගිවිසුමේ වලංගු කාලය අවුරුදු දෙකයි.”

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි දින 4ක පාසල් කාලය නිසා සිසුන්​ගේ කාර්යසාධනය වැඩි දියුණු​ව ඇති බව සොයා ගනී
Next Article විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය​ට
Stanly Kularathna

Related Posts

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.