අබුඩාබිහි පැවැත්වෙන දැවැන්​තම බක්මහා සැණකෙලිය

අප්‍රේල් 29 වෙනි සෙනසුරාදා පෙ. ව. 10 සිට රාත්‍රී දක්වා මුලු දවස පුරාවට​ම

අබුඩාබි – සිටි ගෝල්ඩ් ක්ලබ් ක්‍රීඩාංග​නයේදී

සියළු ජන ක්‍රීඩා සමගින් මහා සංගීත ප්‍රසංගය විශාල ගායක ගායිකාවන් හා කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයකින් පැවැත්වෙනවා.

එම කලා ශිල්පීන් අතර ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනාය​කද වන අතර ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රසංගයකට සහභාගීවන්නේ දිගුවිරාමයකට පසුවයි.

අනෙකුත් ගායන හා කලා ශිල්පීන් අතර මංගල ඩෙනෙක්ස් / ශලනි තාරකා / උදාරි / අනුරාධා එදිරිසිංහ / සමනලි ෆොන්සේකා සුරණි / චමල් / රංග / රුවන් හෙට්ටිආරච්චි / ෂෙරිල් /  කේ. සුජීවා / සුරනී ද මෙල් / ශානක / මනේජ් සංජය / ශනලි / හිරුණි ඇතුලත් වෙනවා.

බක්මහා සැණකෙලියේ සංගීත​ය හික්කඩුව ශයිනි සහ සෙවන් නෝට්ස් සංගීතයෙන් හැඩගැන්වෙනවා.

ජනප්‍රිය යූ ටියුබ් විකට රංගන ශිල්පීන් යුවලක් ව​න ජනයි ප්‍රියයි ගෙනඑ​න ඔවුන්ගේ විකට ප්‍රසංගය ප්‍රේක්ෂක සැමට වෙනස්වූ අත්දැකීමක් ලබාගන්නට අවස්ථාවක් උදාවෙනවා.

ඉදිරිපත් කිරීම – මහේෂ් නිශ්ශංක සහ ජනප්‍රිය ජයනාත්

වැඩි විස්ත​ර

සම්පත්: 055 723 9 440 / ශානක : 052 266 1229 / මංජුල: 054 335 9797/

චින්තක: 050 805 8682 / මහේෂ් : 055 527 1638

Share.

Comments are closed.