Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Economy»අප්‍රේල් මාසයේදී උද්ධමනය තියුණු ලෙස පහළ යාමක්
Economy

අප්‍රේල් මාසයේදී උද්ධමනය තියුණු ලෙස පහළ යාමක්

Stanly KularathnaBy Stanly KularathnaMay 2, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර් ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මාර් තු මාසයේ වාර් තා වූ 50.3%හි සිට 2023 අප්‍රේල් මාසයේ දී 35.3% දක්වා පහළ යෑමක් වාර් තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පුරෝකථනවලට සාපේක්ෂව, වාර් තා වූ උද්ධමනය පහළ මට්ටමක පැවතීම සඳහා නිතර මිල උච්චාවචන සහිත ආහාර අයිතම සහ ආහාර නොවන අයිතමවල මිල අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ලෙස පහළ යෑම හේතු වූ බවද මහ බැංකුව පෙන්වා දෙයි.

ආහාර කාණ්ඩයෙහි වාර් ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර් තු මාසයේ පැවති 47.6%හි සිට 2023 අප්‍රේල් මාසයේ දී 30.6% දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර් ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර් තු මාසයේ පැවති 51.7%හි සිට 2023 අප්‍රේල් මාසයේ දී 37.6% දක්වා පහළ ගියේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි ශ්‍රේණියේ මෙතෙක් වාර් තා වූ වැඩිම මාසික පහළ යෑම 2023 අප්‍රේල් මාසයේ දී දක්නට ලැබුණු අතර එය 139%ක් විය. ඊට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි මාසික පහළ යෑම වන අතර, එම දායකත්වය 137%ක් විය.

මේ අතර, ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්ද මාසිකව 0.02%කින් පහළ ගියේය. ආර් ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර් ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 මාර් තු මාසයේ පැවති 39.1%හි සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.8% දක්වා පහළ ගියේය.

දැනට පවතින තොරතුරු අනුව, උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාව 2023 වසර පුරා අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අනුව දැනට පවත්නා ඉහළ උද්ධමනය 2023 වසර අවසානය වන විට තනි ඉලක්කමක මට්ටම වෙත ළඟා වනු ඇත. මෙලෙස උද්ධමනය පහළ යෑම කෙරෙහි දැඩි මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් යටපත් වූ ඉල්ලුම් තත්ත්ව, දේශීය සහ ගෝලීය වශයෙන් සැපයුම් තත්ත්ව යථා තත්ත්වයට පත් වීම, පහළ යන ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන් දේශීය මිල ගණන් වෙත වඩාත් හොඳින් සම්ප්‍රේෂණය වීම මෙන්ම හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම ද සහාය වනු ඇත.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි තෝරාගත් වෙරළ කීපය​ක රාත්‍රී පිහිනීම් සඳහා අවස​ර
Next Article අබුඩාබි ද​හම් පාසලේ ළමා සූර්ය මංගල්‍යය ඉතා අභිමාණවත් අයුරින් සැමරේ
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.