එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ඔබ, ශ්‍රී ලංකාව වෙත භාන්ඩ නැව්ගත කිරීම සඳහා නිර්මාණ කාගෝ වෙත භාර දී නැව්ගත කරන තෙක් එහි ගබඩා සංකීර්ණ තුල, මාස 6 කට වඩා කල් ගතවී ඇති නම්, ඒ සියලු භාණ්ඩ මැයි මස 10 වෙනි දිනට පෙර, තම හිමිකාරීත්වය තහවුරුකර, රැගෙන යන ලෙස හෝ හැකි ඉක්මණින් ශ්‍රී ලංකාව වෙත නැව්ගත කරනමෙන් නිර්මාණ කාහෝ කළමණාකාරිත්වය භාණ්ඩ හිමිකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මැයි මස 10 වෙනිදාට පෙර එම භාණ්ඩ වල හිමිකාරීත්වය තහවුරු කර ගබඩා වලින් ඉවත් නොකරන්නේ නම් හෝ ශ්‍රී ලංකාව වෙත නැව්ගත නොකරන්නේ නම් මැයි මස 14 වන ​ඉරු දි​න එම සියලු භාණ්ඩ ප්‍රසිද්ධි​යේ අලවි කිරීමට කළමණාකාරිත්වය කටයුතු කරණු ලබනවා.

අනගි අවස්ථාවක්

ඉහත සඳහන් කල හිමිකාරිත්වය තහවුරු නොවූ ගබඩා තුල රැස් කල වටිනා, අත්‍යාවශ්‍ය භාන්ඩ බොහොමයක් එහි වන අතර සුලු මුදලක් ගෙවා ඕනෑම අයෙකුට ඒවා රැගෙන යාමට හැකි බව දැනුම් දෙන්නෙමු.

නිර්මාණ කාහෝහි ගබඩා සංකීර්ණවල ඇති සීමිත ඉඩ කළමණාකරනය කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.

වැඩි විස්තර සඳහා පහත ඇති දුරකථන අංක වෙත ​අමතන්​න​

055-5566874 / 055-5566390

Hot line : 0556000826

Share.

Comments are closed.