2023/24 මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වන අතර, රටට අවශ්‍ය පොහොර සැපයීම සම්පූර්ණයෙන් ම පුද්ගලික අංශය වෙත පැවරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂි​කර්ම අමාත්‍යාංශය පවසයි.

රජයට අයත් පොහොර සමාගම් 02 ඔවුන් සතු මුදල් යොදා ගනිමින්, පොහොර ආනයනය හා බෙදාහැරීම සිදු කළ හැකි නමුත් රජය විසින් ඒ සදහා මුදල් ප්‍රතිපාදන ලබා නොදෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
නමුත් ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය සහනාධාර මුදල් ගොවිජනතාවගේ ගිණුම්වලටම බැර කිරීමට පියවර ගන්නා බවත් මෙම මුදල බොහෝ දුරට රුපියල් 40,000-50,000 හෝ ඊට වැඩි මුදලක් විය හැකියැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළේය.


කෙසේ වුව ද පොහොර ප්‍රමිතිය පිළිබඳව අධීක්ෂණය රජය විසින් අබණ්ඩව සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Share.

Comments are closed.