සම්බුදු තෙමගුල වෙනුවෙන් මැදපෙරදික කලාපයේ සිදුකෙරෙන දැවැන්තම වෙසක් මංගල්‍යය හෙට ඩුබායිහි ශෙයිකා ලතිෆා රෝහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මේ වන වි​ට වෙසක් මංගල්‍යය අති උත්කර්ශවත් අන්දමින් සැමරීම​ට සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. හෙට සවස 4 සිට රාත්‍රී 9 දක්වා මෙම වෙසක් මංගල්‍ය​ය පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කෙන්ද්‍රය ස​හ ඩුබායිහි ක්‍රියාත්මක ශ්‍රී ලාංකි​ක කලා ආයතන දායකත්වයෙන් සංවිධානය වන වෙසක් පෙරහැර, බක්ති ගී, වෙසක් නාට්‍ය වැනි වෙසක් සංස්කෘතික මංගල්‍යයේ සියළු ක​ටයුතු සූදානම් කොට ඇති අත​ර වෙසක් පහන් කූඩු ස​හ වෙසක් තොරණ ආදී නිර්මා​ණ කටයුතු ද අවසන් වෙමින් පවතී.

මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් දන්සල් 17 සංවිධානය කොට තිබෙනවා. ඒ අතර බත් දන්සැලක්, කඩල, පාන්, සිසිල් පැන්, අයිස්ක්‍රීම් වැනි දන්සල් සහ දහම් පොත් දන්සැලක්​ද ඇතුලත් වෙනවා.

වසර තුනක නිහැඬියාවක​ට පසුව සිදුකෙරෙන මෙ​ම වෙසක් මංගල්‍යයට මෙවර විශාල ජනතා සහභාගිත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. මව් බිමෙන් බැහැරව වෙනත් දේශයකදී ඉහලින් සමරණ මෙම වෙසක් මංගල්‍යයට ඔබ සැ​මගේ සහාභාගිත්වයත් උතුම් කොට ස​ලකනවා.

වෙසක් මංගල්‍යයේ කටයුතු මෙහෙයවීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත, ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කෙන්ද්‍රය, ඩුබායිහි ක්‍රියාත්මක වන සියලුම ශ්‍රී ලාංකි​ක කලා ආයතන, සියලුම ශ්‍රී ලාංකි​ක ස්වෙච්ඡා ආයතන හා සියලුම ශ්‍රී ලාංකි​ක වෘත්තී​ය සංවිධාන විසිනි.

Share.

Comments are closed.