එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින් ගෝලීය වශයෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන සේවකයින් අතර සතියකට දීර්ඝතම පැය ගණනක් සේවය කරන්නන් ​වෙති. රටවල් 150ක ලැයිස්තුවේ, මෝල්ටා​ව ඉහලින්ම සිටින අතර කම්කරුවන්ගෙන් 91%ක් සතියකට පැය 49ක් හෝ ඊට වැඩි කාලයක් සේව​ය කරයි. එය අධ්‍යයනය කරන ලද සියලුම රටවල් අතරින් ඉහලම අගයයි.

මෝල්ටාවට පසුව භූතානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, කොංගෝව, මොරිෂස්, ලෙසෝතෝ, මාලදිවයින, පකිස්ථානය සහ ලෙබනනයයි.

Business Name Generator (BNG) විසින් නිකුත් කරන ලද අධ්‍යයනයකට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ තුන්වන වෙහෙස මහන්සි වී වැඩ කරන රට වේ. අධ්‍යයනයට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන්ගෙන් 46.5%ක් සතියකට පැය 49ක් හෝ ඊට වැඩි කාලයක් සේවයේ යෙදී සිටිති. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සතියකට සාමාන්‍ය වැටුප් සහිත වැඩ කරන පැය ගණන 52.6 කි. මෙම ගනනයන් සඳහා තමන්ගේම දත්ත වලට අමතරව, BNG විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත ද එක් එක් රටවල සාමාන්‍ය වැඩ කරන පැය ගණන සහ නිතිපතා අතිකාල වැඩ කරන කම්කරුවන් සංඛ්‍යාව පිළිබඳ දත්ත​ද සැලකිල්ලට ගෙන ඇ​ත.

ඊශ්‍රායලය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය සහ ප්‍රංශය වැනි රටවල් ශ්‍රේණිගත කිරීම්වල පහළින් සිටින අතර, කෙටි වැඩ සති සහ අවම අතිකාල මේ සඳහා දායක වන බව එහි සඳහන් වේ.

Share.

Comments are closed.