අසිරිමත් සම්බුදු තෙමගුල සිදු වූ ඒ උතුම් වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයට ස​මගාමී​ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ස​හ විහාරස්ථ දායක සභාව විසින් වෙසක් මහා පින්කම් මාලාවක් පූජ්‍ය යටිගල රතනවංශ ස්වාමීන්වහන්සේගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ​පරිශ්‍රයේදී පසුගියදා පවත්වනු ලැබුවා.

පොහොය දින සවස ගිලන්පස සම්බුද්ධ පූජාව පැවැත්වීමත් ඉන් අනතුරු​ව ධර්ම දේශනයක් පැවැත්වීමත් සිදුකලා.

ඉරු දින පෙ.ව. 6:30 සිට සීල භාවනා වැඩසටහනක් පවත්වනු ලැබුවා. මෙදි​න ව්‍යංජන 32 සහිත සම්බුද්ධ පූජාව පිරිනැමීමත් දළදා තේවාව පැවැත්වී​මත් සිදුකරණු ලැබුවා. එදිනම සවස ඖෂධ 32 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව පිරිනැමීමත් ඉන් අනතුරුව ධර්ම දේශනයක් ද පවත්වනු ලැබුවා.

මෙම පිංකම් මාලාව සඳහා විශාල ශ්‍රී ලංකික බෞද්ධ ජන සහභාගිත්වයක් ලැබී තිබුණා. මව්බිමෙන් බැහැරව කාර්ය බහුල ජීවන රටාවක් ගත කරන බෞද්ධ ජනයාට බොදු වත්පිළිවෙත් නොඅඩුව සිදු කරගන්නට අවස්ථාවක් ලැබීම ඔවුනට මහත් අස්වැසිල්ලක් වූවා.

Share.

Comments are closed.