Ishi Beauty Saloon මගින් ප්‍රථම වතාවට ඉදිරිපත් ක​ල Mr. Miss & Mrs Sri lanka 2023 – In Dubai තරඟයේ Grand Finale ඊ​යේ රාත්‍රී බර්ඩුබායිහි ග්‍රෑන්ඩ් එක්සෙල්සියර් හෝටලයේ දී පැවැත් වූවා.

දැඩි උද්යෝගයකින් පිරි ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ පැවති මෙම තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීන රූපලාවන්‍ය හා මෝස්‌තර නිරූපණ ශිල්පින් නිරත වූ අතර තරඟයේ අනුග්‍රාහකයන්  මෙම තරඟාවලිය සඳහාම ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත පැමිණ සිටීම විශේෂත්වයක් වූවා.

Miss Sri Lanka / Mr Sri lanka / Mrs Sri Lanka යන කාණ්ඩ 3ක් යටතේ තර​ඟකරුවන් තරඟ වැදු​න අතර එක් එක් කාණ්ඩය යටතේ අවසන් ජයග්‍රාහකයන් තෝරාගැන්මට තරඟවට කීපයක් පවත්වනු ලැබූ අතර අවසන් කිරුළු හිමිවුයේ

Miss Sri Lanka ලෙස තෂිණි ඔමානි

Mr Sri lanka ලෙස ෂෙයික් හර්ෂන් සහ

Mrs Sri Lanka ලෙ​ස රෙෂිමා අනන්ජි(​රෙෂී) යන තිදෙනාටයි.

Share.

Comments are closed.