එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් ආරක්ෂණ කවුන්සිලය, මයික්‍රොසොෆ්ට් සමඟ සහයෝගීව, මැද පෙරදිග සයිබර් ආරක්ෂණ සමුළුව පසුගියදා අබුඩාබියේ එමිරේට්ස් පැලස්හිදී දියත් කරන ලදි.

සයිබර් ආරක්‍ෂාව සහ දත්ත ආරක්‍ෂාව යන ක්ෂේත්‍රවල නවතම නවෝත්පාදනයන් සහ වර්ධනයන් පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අවබෝධය බෙදාගැනීම සඳහා දෙදින සමුළුව මගින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි CIOs, CSOs සහ අනෙකුත් ප්‍රධාන විෂය කරුණු පිළිබඳ විශේෂඥයන් එක් කර ගනු ඇත.

“ලෝක​යේ සම්බන්ධතා සහ ඩිජිටල් තාක්‍ෂණයන් විසින් මෙහෙයවනු ලබන සිව්වන කාර්මික විප්ලවයේ සුවිශේෂී සංධිස්ථානය​කට අප පැමි​ණ සිටී. ශක්තිමත් සහ ඵලදායි සයිබර් ආරක්‍ෂාවක් පිළිබ​ඳ උනන්දුවක් වෙන කවදාටත් වඩා අවශ්‍ය වී ති​බේ. වඩ වඩාත් සංකීර්ණ ලෝකයක, සයිබර් තර්ජන හා ආපදාවන් වැඩිවීමට එරෙහිව සටන් කිරීමට තාක්‍ෂණය පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා රාජ්‍යයන් සහ කර්මාන්ත සමඟ මෙන්ම රාජ්‍යයන් අතර හවුල්කාරිත්වයන් ද අවශ්‍ය වේ. එළඹෙන මැදපෙරදිග සයිබර් ආරක්ෂණ සමුළුව, කලාපයේ නායකයින්ට සහ ප්‍රවීණයන්ට නැගී එන සයිබර් ආරක්ෂණ අභියෝග සහ අවස්ථා පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාවක් සපයනු ඇති බවට.” Microsoft UAE හි සාමාන්‍යාධිකාරී Naim Yazbeck මහතා පැවසීය.

සයිබර් අපරාධ ව්‍යාපාරය මෙන්ම සයිබර් ආරක්‍ෂාව පිළිබඳ කෘතිම බුද්ධියේ අනාගත කාර්‍යභාර​ය වැනි විවිධ මාතෘකා පිළිබඳ ආකර්ශනීය සාකච්ඡා සහ ප්‍රධාන දේශන පැවැත්වෙන අත​ර සහභාගිවන්නන්ට සම්බන්ධ වීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට ජාලකරණ අවස්ථා සමඟින් මෙම සමුළුව සමන්විත වේ.

ඉදිරි වසර 10 තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් නොවන දළ දේශීය නිෂ්පාදිතයට ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය 11.7% සිට 20% දක්වා දෙගුණ කිරීමට උත්සාහ දර​න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිජිටල් ආර්ථික උපාය මාර්ගය සමඟ ද මෙම උත්සවය සමපාත වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ සැලසුම් අනුව ඩිජිටල් ක්ෂේත්‍රයන්, සියලු හැකියාවන්, ව්‍යුහයන් සහ අවස්ථාවන් ජාතික මට්ටමින් ඒකාබද්ධ කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උපායමාර්ගික ඩිජිටල්කරණ​ය රජයේ දැක්ම සමඟ පෙළගැසී ඇති බව සහතික කරමින්, සමස්ත රාජ්‍ය​ම උපාය මාර්ග තුළට ඇතුළත් කිරීම මෙම උපාය මාර්ගයෙහි අරමුණයි. කලාපය පුරා ඩිජිටල් පරිවර්තනයේ වේගවත්භාවය නිසා රාජ්‍යයන් සහ සංවිධාන ද වඩාත් සංකීර්ණ සයිබර් ප්‍රහාරවල වර්ධනයන්​ට මුහුණ දී තිබෙනවා.

Share.

Comments are closed.