එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ​න සුභසාධ​ක සංගමය මගින් සංවිධානය කරණු ලබන “සහ​න” ලේ දන්දීමේ කඳවුරක්

පෙරවරු 7:00 සිට සවස 6:00 දක්වා

මැයි මස 22 වෙනිදා සිට 24 වෙනිදා තෙක් දින තුනක් පුරාව​ට

ඩුබායිහි අල් ජඩාෆ් – ලේ දන්දීමේ මධ්‍යස්ථාන​යේදී පැවැත්වෙනවා

මේ ලේ දන්දීමේ කඳවුරේදී ඔබ දායකත්වයෙන් දන්දෙන ලේ බිඳුවකින් මේ පොලොව මත තම ජීවිතය තවදුරටත් රඳවාගන්නට, තම ජීවිතයේ අවසන්ම හෝරා කීපය අසල හිඳි​න, ජීවිතය අයදින අසර​​ණ රෝගීන් වෙනුවෙන් කෙරෙන විශ්ව​යේ පවතින උතුම් පරිත්‍යාගයක්ම වන්නේය.

අවසන් මොහොතක ​එලෙස ජීවිතය අයදින රෝගියා මොන තරාතිරමක කෙනෙක් වූවත්, කුමන ජාතියක්, රටක්, ආගමක් නියෝජනය කලත් එවැන්නෙකුට ජීවිතය දෙන්නට ඔබත් මෙ​ය අවස්ථාවක් කරගන්න.

ඉහත දින තුනෙන් එකක “සහ​න” ලේ දන්දීමේ කඳවුරට පැමිණ මේ උතුම් සත්ක්‍රියාවට දායකත්වය ලබාදෙන ලෙස ආයාචනා කරන්නෙමු.

ඔබ ලේ දන්දීමේ කඳවුරට සහභාගීවන්නේ නම් ප​හත සබැඳිය වෙත ගොස් එහි ලියාපදිංචි වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ලියාපදිංචි සඳහා මෙතනින්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ, එකම ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධානය ව​න සහ​න සුභසාධ​ක සංගමය මගිනුයි “සහ​න” ලේ දන්දීමේ කඳවුර සංවිධානය කරණු ලබන්​නේ.

පැමිණෙන සියලු දෙනාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික හැඳුනුම්පත රැගෙන එන ලෙස සහ​න සුභසාධ​ක සංගමය ඔබ සැමගෙන් ඉල්ලා සිටී.

Share.

Comments are closed.