වසර 30කට අධික කාලයක් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ගෙන් ශ්‍රී ලංකාව මුදවාගැන්මට රට රටදැය වෙනුවෙන් ජීවිතය පූජා කල රණවිරුවන් හට නිවන් සුව ප්‍රාර් ථනා කිරීමටත් රනක්‍ෂිතයට පත්වූ රණවිරුවන් හට සෙත් පැතීම පිණිසත්, පසුගියදා ඩුබායිහි අල් ගර්හූද් ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථාන​යේදී වි​ශේෂ බුද්ධ වන්දනාමය  පුණ්‍ය කර්ම​යක් පැවැත්වූවා.

යුද්ධය නිමාවී 14 වන විජයග්‍රහ​ණ සංවත්​සරය සමරණ මේ අවස්ථාවේදී රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ට හා ආපදාවන්ට ලක්වූ රණවිරුවන්ට කෘතගුණ දැක්වීමක් වශයෙන් මෙම අවස්ථාවට විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවක් සහභාගීවී සිටියා.

මෙම විශෙෂ පුණ්‍ය කර් ම​ය සංවිධානය කරනු ලැබූ​යේ ගෝලීය ශ්‍රී ලංකා සංසද විධායක කමිටු ශාඛාව විසිනි.

Share.

Comments are closed.