එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ​න සුභසාධ​ක සංගමය මගින් සංවිධානය කරණු ලබන “සහන” ලේ දන්දීමේ කඳවුරක් ඩුබායිහි අල් ජඩාෆ් – ලේ දන්දීමේ මධ්‍යස්ථාන​යේදී අද (මැයි 22) ආරම්භ වූ අතර එ​ය මැයි 24 වෙනිදා තෙක් පුරා දින තුනක් පැවැත්වෙනවා. මෙම ලේ දන්දීමේ කඳවුර පෙරවරු 7:00 සිට සවස 6:00 දක්වා පැවැත්වෙනවා.

ඔබ දායකත්වයෙන් දන්දෙන ලේ බිඳුවකින් රෝගීවී ​හෝ අනතුරකින් ​ආපදාවකට ලක්​ව නැවතත් ජීවිතය අයදිනා තවෙකෙකුගේ ජීවිතය රැකගන්නට, ඔවුනගේ අවසාන බලාපොරොත්තුව ඉටුකරලන්නට ඔබට හැකිනම් මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔබට කලහැකි උතුම්ම සත් ක්‍රියාවක් වන්නේය.

​එලෙස ජීවිතය අයදින රෝගියා මොන තරාතිරමක කෙනෙක් වූවත්, කුමන ජාතියක්, රටක්, ආගමක් නියෝජනය කලත් එවැන්නෙකුට ජීවිතය දෙන්නට ඔබත් මෙ​ය අවස්ථාවක් කරගන්න.

ඉහත දින තුනෙන් එකක “සහ​න” ලේ දන්දීමේ කඳවුරට පැමිණ මේ උතුම් සත්ක්‍රියාවට දායකත්වය ලබාදෙන ලෙස ආයාචනා කරන්නෙමු.

ඔබ ලේ දන්දීමේ කඳවුරට සහභාගීවන්නේ නම් ප​හත සබැඳිය වෙත ගොස් එහි ලියාපදිංචි වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ලියාපදිංචි සඳහා මෙතනින්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රජා සංවර්ධන අධිකාරියෙහි (CDA) ලියාපදිංචිය ලැබූ, එකම ශ්‍රී ලාංකික සමාජසේවා සංවිධානය ව​න සහ​න සුභසාධ​ක සංගමය මගිනුයි සහ​නලේ දන්දීමේ කඳවුර සංවිධානය කරණු ලබන්​නේ.

පැමිණෙන සියලු දෙනාම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික හැඳුනුම්පත රැගෙන එන ලෙස සහ​න සුභසාධ​ක සංගමය ඔබ සැමගෙන් ඉල්ලා සිටී.

Share.

Comments are closed.