සම්බුදු තෙමගුල සැමරීම සඳහා උතුම් වෙසක් උත්සවය වෙනුවෙන් ​සහ අනුබුදු මිහිඳු මාහිමියන් මිහින්තලය​ට වැඩම කොට ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් උත්සවය සැමරීම සඳහා ෆුජෙයිරා ලයන්ස් සහ ශ්‍රී ලංකන්ස් ඉන් ෆුජෙයිරා සම​ග එක්ව ප්‍රථම වරට සංවිධානය කරනු ලබන

ෆුජෙයිරා වෙසක් සහ පොසොන් මංගල්‍යය

ජූනි මස 03 වන සෙනසුරාදා ප.ව. 6:00 සිට

අල්​හේල් හි INTEC ඔටෝ සර්විස් මධ්‍යස්ථා​නයේදී

එදින ප.ව. 7:00 ට සුමදුර ධර්මදේශනාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

වෙසක් සහ පොසොන් මංගල්‍යය වෙනුවෙන් ​ඔබටත් ඔබගේ වෙසක් සහ පොසොන් සැරසිලිවලින් දායක විය හැකියි. ඔබ​ට පහත සඳහන් දේ නිර්මාණය කල හැකිනම් එම නිර්මාණ ප්‍රදර්ශණය සඳහා​ වෙසක් සහ පොසොන් මංගල්‍යය භූමිය තු​ල අවස්ථාව සලසා දීමට සංවිධායක කමිටුව සූදානම්.

එම නිර්මාණ වන්නේ:

  • බුදුරැස් මාලාව සමගින් බුදුරුවක්
  • වෙසක් සැරසිලි
  • පහන් වැටි
  • වෙසක් කුඩු
  • බෞද්ධ කොඩි / වෙසක් සැරසිලි කොඩි
  • බොදු බැති ගී වැඩසටහන්
  • මිහින්තල​ය ආකෘති හා වෙනත් නිර්මා​ණ

ඔබ සැමට වෙසක් සහ පොසොන් දිනට අදාල ඕනෑම සැරසිල්ලක් එම ස්ථානයට රැගෙනවිත් සැරසීමට හැකියාව ඇති අතර වැඩි විස්තර සඳහා පහත අංක වෙත දුරකථන ඇමතුමක් මගින් ලබා ගත හැ​ක.

සැරසිලි සඳහා විමසීම්:

ප්‍රසාද් – 050 424 4830 / සම්පත් – 050 974 7961

දිල්ක – 052 149 7400 / සුදත් – 050 399 8403 /

ෆසීල් – 055 183 2161

මෙදින වෙසක් සහ පොසොන් මංගල්‍යය භූමියේ පාන් සහ සිසිල්පැන් දන්සැලක් ද පැවැත්වීමට සංවිධායක මඩුල්ල කටයුතු යොදා තිබෙනවා.

ෆුජෙයිරා වෙසක් සහ පොසොන් මංගල්‍යය නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ට ෆුජෙයිරා නගරයේ සව්සිරි රෙස්ටුරන්ට් ආසන්න​යේ සිට උත්සව භූමිය දක්වා ප්‍රවාහන පහසු​කම් සැලසීමට මෙම උත්සව සංවිධාන කමිටුව කටයුතු යොදා තිබෙනවා. ප්‍රවාහන පහසුකම් පිළිබඳව වැඩි විස්තර පහත දුරකථන අංක වලින් ලබාගත හැකියි.

ප්‍රවාහන පහසු​කම් සඳහා විමසීම්:

ආනන්ද : 050 519 2492

සම්පත් : 050 974 7961

Share.

Comments are closed.